දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණුවීමක නිරතව සිටි කැඩෙට් නිලධාරීන් පිරිසක් ගසකට නැගීමේදී එම ගස කඩා වැටීමෙන් තුවාල ලැබූ සෙබළුන් 20 දෙනෙක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කර ඇත. කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව දියතලාව මුලික රෝහලේ අධිකරණ වයිද්ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ පැවසීය.
වෙලා
Tuesday, July 31, 2012
"රූ සඳ රෑ " - අගෝස්තු 11
රූකාන්ත , චන්ද්‍රලේඛා ,රයිනි සමඟ වින්ඩි ගීතවත් වන "රූ සඳ රෑ " සංගීත ප්‍රසංගය අගෝස්තු 11 වැනිදා සවස 7.00 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ඊයේ (30) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සුහද සාකච්චාවකදී හෙළිදරව් කරන ලදී. දැවැන්ත මෙන්ම නැවුම් අත්දැකීම් රැසක් සමඟ වේදිකා ගතවන මෙවර "රූ සඳ රෑ " සංගීත ප්රසංගයේදී වින්ඩි ප්‍රථම වරට වේදිකාවේ ගී ගැයීමට සුදානම් බව රූකාන්ත "රන්දෝලි" සමඟ ප්‍රකාශ කළේය .
''කතෘ මණ්ඩල සංසද සම්මාන උළෙල " අදයි
ජනමාධ්‍ය විශිෂ්ටයින් සම්මාන ලබන 'කතෘ මණ්ඩල සංසද සම්මාන උළෙල " අද (31) ගලකිස්ස මහා හෝටලයේදී පැවැත්වේ. ජනමාද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් විශේෂ දායකත්වයක් දුන් ජ්‍යෙෂ්ට
ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් මෙහෙදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
කන්දයිය්ය නිත්‍යනාදන්,සිබිල් වෙත්තසිංහ, හේවගේ චිත්‍රානන්ද, සුනිල් මාධව ප්‍රේමතිලක,සහ බර්නි විජේසේකර එම සම්මාන ලබන ජ්‍යෙෂ්ටයින් වේ.
මෙහි ප්‍රධාන අමුත්තා ලෙස "හිමාල්" දකුණු ආසියානු සඟරාවේ ප්‍රකාශක සහ ප්‍රධාන සංස්කාරක කතක් මනි මහතා සහභාගී වීමට නියමිතය..
Monday, July 30, 2012
ඒ කිව්වට අපි වැඩ කරන්නේ නෑ-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වැඩ වර්ජනය වහාම නවත්වා සේවයට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.
Saturday, July 28, 2012
යැන්සි ගඟ පිටාර ගලා මහා විනාශයක්
චීනයේ යැන්සි ගඟ පිටාර ගැලීමෙන් ලක්ෂ 92 ක් ජනතාව විපතට පත්ව ඇති බව වාර්තා වේ.නිවාස 54,000 ක් විනාශ වී අතර විපතින් බේරී ඇත්තේ ජීවිත 40,000 ක් පමණි. කෝටි ගණනක දේපල විනාශයක් සිදු වී ඇතත් ඒ පිලිබඳ නිවැරදි දත්ත තවමත් ගණන් බලා නැත .
ලොව දිනන ශ්‍රී ලාංකිකයෝ
මහාචාර්ය පැට්රික් මෙන්ඩිස්
ගත්කතුවරයකු ,තානාපතිවරයකු මෙන්ම වරක් බෙන්ජමින් ෆ්රැන්ක්ලින් සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය පැට්රික් මෙන්ඩිස් මහතා යුනෙස්කෝ සංවිධානයේ ඇමෙරිකා කොමසාරිස්වරයකු ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පත් කොට තිබේ .මෙමගින් ඉදිරි වසර තුන තුල යුනෙස්කෝ සම්බන්ධ කටයුතු වලට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දීම ඔහු විසින් සිදු කරනු ඇත.ඔහු මේ වන විට මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බදතා පිලිබඳ මහාචාර්යවරයා ලෙසද ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ මහජන හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයා ලෙසද කටයුතු කරයි.
ගත්කතුවරයකු ,තානාපතිවරයකු මෙන්ම වරක් බෙන්ජමින් ෆ්රැන්ක්ලින් සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය පැට්රික් මෙන්ඩිස් මහතා යුනෙස්කෝ සංවිධානයේ ඇමෙරිකා කොමසාරිස්වරයකු ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පත් කොට තිබේ .මෙමගින් ඉදිරි වසර තුන තුල යුනෙස්කෝ සම්බන්ධ කටයුතු වලට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දීම ඔහු විසින් සිදු කරනු ඇත.ඔහු මේ වන විට මිනසෝටා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බදතා පිලිබඳ මහාචාර්යවරයා ලෙසද ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ මහජන හා ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයා ලෙසද කටයුතු කරයි.
Friday, July 27, 2012
"ආනන්ද නින්නාද" අතිසාර්ථකව නිම වෙයි
ආනන්ද පෙරේරා සංගීතවේදියා වෙනුවෙන් අද (27) මහරගම තරුණ සේවා සභාවේ පැවැති "ආනන්ද නින්නාද" ප්‍රසංගය විශාල රසික පිරිසක් මධ්‍යයේ අති සාර්ථක ලෙස ගීතවත් විය . මෙම ප්‍රසංගයේ සියලු දායකත්වයන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ ඒවා වූ අතර මීට සම්බන්ධ වූ කිසිඳු කලාකරුවකු මුදල් අය නොකළ බව ආනන්ද පෙරේරා මහතා ඉතා සතුටින් "රන්දෝලි " සමඟ ප්‍රකාශ කර සිටියේය. සුවිශේෂී කාරණය වුයේ කිසිඳු අපහසුවකින් තොරව ආනන්ද පෙරේරා ශුරින් මෙහිදී ගී ද්විත්වයක් ගායනා කරමින් තම සුපුරුදු ප්‍රතිභාව රසිකයින් අතරට ගෙන ඒමයි.
ආනන්ද පෙරේරා ආදරණීය මව
සමඟ ප්‍රසංගය නරඹමින්
"ආචාර්යවරුනි සඳුදා සිට වැඩට එන්න" - එස්.බී
වැඩ වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබන සඳුදා (30) දින සිට නැවත සේවයට පැමිණෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඉල්ලා සිටියි.
ඔහු මේ ඉල්ලීම කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි .
සති 34 ක ගැබිනියකුත් ඔලිම්පික් ගිහිං
මලයාසියාවේ වෙඩික්කාරියක වන නූර් සුර්යානි මොහොමඩ් ටයිබි මීටර් 10 රයිෆල් ඉසව්වට සහභාගී වීමට ලන්ඩන් නුවරට පැමිණ සිටී. අයගේ දරු ප්‍රසුතිය සිදු කිරීමට නියමිතව ඇත්තේ ඉදිරි මාසය තුලදීය. ඔලිම්පික් ඉතිහාසය පුරා සති 34 ක දරු ගැබක් සහිතව තරඟ ඉසව්වකට සහභාගී වන පළමු කාන්තාව ඇය බව ඔලිම්පික් ආරංචි මාර්ග සඳහන් කරයි.අගේ වයිද්යවරුන් පවසන ආකාරයට ඇය තරඟ වැදීමට තරම් සුදුසු යහපත් සෞක්‍ය තත්ත්වයකින් පසුවේ.එසේ වුවත් ගැබ් ගෙන සති 35 ක් සම්පූර්ණ වූ පසු ගුවන් ගමන් යහපත් නොවන බවද ඔවුන් පවසයි.
ඉතා අවධානෙන් තරඟ වැදිය යුතු ඇගේ ඉසව්ව අතරතුර " කකුල් සොලවන්න එපා ! කරුණාකර පැයයි විනාඩි 15 ක් පමණක් සන්සුන්ව සිටින්න " ට යයි නූර් තම දරුවාට අවවාද කරන්නට බලාපොරොත්තු වන බව පවසයි.
කෙසේ වුවත් මෙම තරඟ ඉසව්වේදී තරඟකරුවන්ට තම උදරය මත දිගාවී සිටීමට සිදු වන අතර එය ගැබිනියකට කොතරම් සුදුසු වේද යන්න පිලිබඳ ඇය සඳහන් කරන්නේ නැත .
තිලිණි සහ නිලූක 28 දා ඔලිම්පික් තරඟ බිමේ
ඔලිම්පික් ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වන ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ගෙන් මුලින්ම තරග බිමට අවතීර්ණ වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරන තිලිනි ජයසිංහ සහ නිලුක කරුණාතිලක ය. ඒ 28 වනදාය. ඊට අමතරව 29 වැනිදා හේෂාන් උනම්බුව පිහිනුම් තරඟ සඳහා ද 30 දා මංගල සමරකෝන් වායු රයිෆල් ඉසව් සඳහා ද සහභාගී වීමට නියමිතය.
වියපත් බඹරාට ඇප
14 වියැති පාසල් ශිෂ්‍යාවකගේ ආදරය ඉල්ලමින් පෙම් හසුනක් යැවූ 60 හැවිරිදි සීයා කෙනෙකු රුපියල් විසිපන්දහසක අප මත මුදා හැර ඇත. මේ සිදුවීම වාර්තා වන්නේ බද්දේගම ප්‍රදේශයෙනි. සැකකාර සීයා නෑදෑ කමට මිනිපිරියක වන මෙම ශිෂ්‍යාවට චොකලට් එකක් සහ බිස්කට් පැකට් එකක් සමග ඇගේ පාසල් පොතක මෙම පෙම් හසුන ලියා යට දී ඇති බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා අධිකරණයට ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් වේ. මෙම පෙම් හසුනද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Z SCORE අවුලට රජගෙදරින් විසඳුම්
'ඉසෙඩ්' අගය ගණනය කිරීමේදී බලවත් ලෙස අසාධාරණයට ලක්ව ඇති සිසුන්ද,තම දරුවන්ට වූ අසාධාරණයට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස මවුපියවරුන්ද ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමට අනුව ක්‍රියාත්මක වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ,ඔවුන් වෙනුවෙන් සාධාරණ ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා දැනට උද්ගත තත්ත්වය පිලිබඳ කඩිනම් , පැහැදිලි වාර්තාවක් ලබා දෙන ලෙස උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාට ඊයේ (25 දා) නියෝග කර ඇත .
Thursday, July 26, 2012
බෞද්ධ කොඩියත් commercial වෙයි
මේ දිනවල ඇසළ පෙරහර අසිරියෙන් වර්ණවත් වී ඇති මහනුවර නගරය සරසන්නට භාවිත කර ඇති බෞද්ධ කොඩි විවිධ වෙළෙඳ නාම සහිතව ප්‍රදර්ශනය කිරීම පිළිබඳව බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. මෙම වෙළෙඳ නම සහිත බෞද්ධ කොඩි වහාම ඉවත් කිරීමට පෙරහර භාරයේ අවධානය යොමු විය යුතු බව මහනුවර බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පවසයි. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද මේ අදහස පිළිගෙන ඇති අතර එම බෞද්ධ කොඩි ඉවත් කල යුතු බව කියා සිටියි.
තිලිණි ජයසිංහ ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ 'වයිල්ඩ් කාඩ්' ක්‍රමයෙන් නෙවෙයි ලු
ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් තරග ඉසවු සඳහා අවසාන මොහොතේ සුදුසුකම් ලැබූ
තිලිණි ජයසිංහ
එම සුදුසුකම ලැබුවේ "වයිල්ඩ් කාඩ් " ක්‍රමයෙන් නොවන බව ඇය පවසයි.ලංකාවේ ශ්‍රේණි ගත කිරීම් අනුව ඇය 10 වැනි ස්ථානයේ පසු වුවත් ,ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ඇය 107 වැනි ස්ථානයේ පසු වූ බව තිලිණි පවසා සිටී. ලංකාවේ ශ්‍රේණිගත කිරීම් වල පහල මට්ටමක පසු වන්නේ තමා වැඩිපුර ජාත්‍යන්තර තරඟ වලට යොමු වීම නිසා ලංකාවේ තරග මග හැරුන නිසා බව ඇය කියයි. ඇය පවසන පරිදි පසුගිය කාලය තුල ඇය ලංකාවේ දී සහභාගී වී ඇත්තේ මහනුවර පැවති තරග දෙකකට පමණි.
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව තරඟාවලියට සහභාගී නොවන බව දැන්වීමෙන් පසු අතිරේක ලයිස්තුවේ මුලින්ම සිටි තමන්ට එම අවස්ථාව හිමි වූ බව ඇය පවසයි.පළමු බැඩ්මින්ටන් නියෝජනය ලෙස පසු ගිය ඔලිම්පික් තරඟාවලියට සහභාගී වූ තමාට කණ්ඩායමේ නායකත්වය දැරීමටද සුදුසුකම් ඇති බවත් තෝරාගැනීමට ප්‍රමාද වීම නිසා එම අවස්ථාව අහිමි වූ බවත් පවතින නායකත්වය පිළිබඳව ගැටළු ඇති නමුත් බලධාරීන් සමග සාකච්චා කොට තීරණයක් ගැනීමට කාලය මදි වූ බවත් ඇය කියා සිටියාය.
තිලිණි ජයසිංහ විසින් පසුගිය සතියේ මාද්‍ය හමුවක් පවත්වා මේ කරුණු පැහැදිලි කරන ලදී.
ජනාධිපති සමාව අයදියි...
දකුණු කොරියානු ජනාධිපති ගේ සහෝදරයකු වන ලී සන් ඩියුක් දුෂණ චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට පත් වුයේ ජූලි මස මුලදියි. ඒ ඉතිරි කිරීමේ බැංකු දෙකකින් $ 525 000.00 මුදලක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේයි .ලී සන් ඩියුක් ජනාධිපති උපදේශකයකු මෙන්ම හිටපු නීති සම්පාදකයකුද වෙයි. මෙම දුෂණ චෝදනා විමර්ශන සම්බන්ධයෙන් තම රටවැසියන්ගෙන් සමාව ඉල්ලන්නට දකුණු කොරියානු ජනාධිපති පසුබට වුයේ නෑ.කෙසේ වුවත් වසර අග පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෙම සිදුවීම පාලක පක්ෂයට අයහපත් ආකාරයෙන් බලපානු ඇතැයි දකුණු කොරියාවේ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි .
ආචාර්ය මර්වින් සිල්වා දේශපාලනයෙන් සමු අරන් පැවිදි බිමට ?
ඊයේ (25) කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහිද සංඝරක්කිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ පැවති උත්සවයකදී මහජන කටයුතු සහ මහජන සම්බන්ධිකරණ ඇමති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසා සිටියේ කැලණිය රජමහා විහාරාධිපති පැවසුවහොත් පමණක් තමා කැලණියේ දේශපාලනයෙන් සමුගන්නා බවයි .
"මම කැලණිය දේශපාලනයෙන් යන්නේ, කිසියම් දවසක කැලණිය රජමහා විහාරදිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කීවොත් පමණයි. එහෙම වුනොත් මම කැලණිය නායක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා කැළණි විහාරස්ථානයේ උපාසක කෙනෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. එක පාරටම සිවුරු දාගෙන සැබෑ බෞද්ධයෙක් වෙන්න බැරි නිසයි මම එහෙම කියන්නේ."
Wednesday, July 25, 2012
පේරාදෙණිය සරසවි සිසුන් උද්ඝෝෂණයක
පේරාදෙණිය සරසවි සිසුන් විසින් මහනුවර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුළු සිසු සිසුවියන් දහසකට වැඩි පිරිසක් මිට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම උද්ඝෝෂණයට මූලික කරුණු ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ උසස් පෙළ සිසුන්ගේ Z-score ගැටලුව නිසා සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමයි. ඊට අමතරව විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් ප්රශ්නය නිරාකරණය කර අද්යන කටයුතු ස්ථාපිත කරන ලෙසත් , රජයෙන් අද්යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල වැඩි කරන ලෙසත් රජයට බල කිරීම යන කරුණු ද ඇතුලත්ය .
TNA ඡන්ද අපේක්ෂකයා මිනිස් ජාවාරමක
නැගෙනහිර පළාත් සභාවට ජාතික දමිළ පෙරමුණෙන් ඡන්ද අපේක්ෂකයෙකු මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස උප්පවේලි පොලිසිය විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.පසුගියදා නාවික හමුදාව විසින් "නමෝ මරියා" සහ "සිංහලේ" යාත්‍රා වලින් ඕස්ට්රෙලියාවටයමින් සිටි 82 දෙදෙනෙක් දඉන් පසු දිනෙක 53 දෙනෙක්ද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.ඡන්ද අපේක්ෂකයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධිවලට සම්බන්ධ බවට වැරැදිකරුවන් ලෙසිනි .පොලිසිය පවසන ආකාරයට මෙම ජාතික දෙමළ පෙරමුණේ සාමාජිකයා දෙමළ ජනයා රවටමින් රුපියල් මිලියන 250පමණ වංචා කර ඇති අතර දෙමළ ඩයස් පෝරාව සමග සම්බන්ධව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කිරීමේ කාර්යකද නිරත වන අයෙකි .
මට මුකුත් මතක නෑ.............. දුමින්ද සිල්වා
භාරත ලක්ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරු දුමින්ද සිල්වා ගෙන් කට උත්තර ලබා ගැනීම සිංගප්පුරුවේ ඔහු ප්‍රතිකාර ලබන රෝහලේදී පසුගියදා සිදු වී තිබුණි.
එහිදී රහස් පොලිස් නිලධාරීන් නැගූ 100 කට අධික ප්‍රශ්න මාලාවට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුනේ එම මැතිවරණ දිනයේ තමා අංගොඩ ප්‍රදේශයේ චන්ද දායකයන්
සමඟ කතා බහ කල බව මතක බවත් ඉන්පසු තමන් ඇඳක් මත සිටින අයුරු මතක බවත්ය. ඒ අතරතුර කිසිවක් මතක නැති බවත් , මව තමන්ව බලන්නට පැමිණි මොහොතේ
තමා අනතුරකට පත් වූ බව පැවසු බවත් ඔහු පවසා ඇත.
එහිදී රහස් පොලිස් නිලධාරීන් නැගූ 100 කට අධික ප්‍රශ්න මාලාවට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුනේ එම මැතිවරණ දිනයේ තමා අංගොඩ ප්‍රදේශයේ චන්ද දායකයන්
සමඟ කතා බහ කල බව මතක බවත් ඉන්පසු තමන් ඇඳක් මත සිටින අයුරු මතක බවත්ය. ඒ අතරතුර කිසිවක් මතක නැති බවත් , මව තමන්ව බලන්නට පැමිණි මොහොතේ
තමා අනතුරකට පත් වූ බව පැවසු බවත් ඔහු පවසා ඇත.
" පෞද්ගලික ආරක්ෂකයින් සමග මම දෙමටගොඩ තමිල්නාඩුව ප්‍රදේශයේ සිට අංගොඩ ට ආවා. එහි චන්ද දායකයින් පිරිසක් සමග කතා කරමින් සිටියා. ඉන්පසු මම ඇඳක් මත සිටිනු මතකයි.
මෙම අවස්ථාවේදී මගේ මව මාව බලන්න ආවා.මම අම්ම ගෙන් ඇහුව "මම ඉන්නේ කොහෙද " කියල. අම්ම කිව්වා ඇක්සිඩන්ට් එකක් වෙලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින බව. ඊට ටික දිනකට පසු
වයිද්යවරියක් ඇවිත් මගෙන් ඇහුවා "මොකක්ද උනේ ?" කියල . මම කිව්වා "ඇක්සිඩන්ට් එකක් උණා" කියල. එවිට වයිද්යවරිය කිව්වා මම වෙඩි වදිමකට ලක් වී සිටින බව. නමුත් වෙඩි තිබ්බේ කවුද..
වෙඩි වැඩිම සිදු උනේ කොහේදී ද ...එතන සිටියේ කව්ද ...කියා මට මතක නෑ. "
මෙම අවස්ථාවේදී මගේ මව මාව බලන්න ආවා.මම අම්ම ගෙන් ඇහුව "මම ඉන්නේ කොහෙද " කියල. අම්ම කිව්වා ඇක්සිඩන්ට් එකක් වෙලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින බව. ඊට ටික දිනකට පසු
වයිද්යවරියක් ඇවිත් මගෙන් ඇහුවා "මොකක්ද උනේ ?" කියල . මම කිව්වා "ඇක්සිඩන්ට් එකක් උණා" කියල. එවිට වයිද්යවරිය කිව්වා මම වෙඩි වදිමකට ලක් වී සිටින බව. නමුත් වෙඩි තිබ්බේ කවුද..
වෙඩි වැඩිම සිදු උනේ කොහේදී ද ...එතන සිටියේ කව්ද ...කියා මට මතක නෑ. "
Subscribe to:
Posts (Atom)