වෙලා
Thursday, July 26, 2012
තිලිණි ජයසිංහ ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ 'වයිල්ඩ් කාඩ්' ක්‍රමයෙන් නෙවෙයි ලු
ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් තරග ඉසවු සඳහා අවසාන මොහොතේ සුදුසුකම් ලැබූ
තිලිණි ජයසිංහ
එම සුදුසුකම ලැබුවේ "වයිල්ඩ් කාඩ් " ක්‍රමයෙන් නොවන බව ඇය පවසයි.ලංකාවේ ශ්‍රේණි ගත කිරීම් අනුව ඇය 10 වැනි ස්ථානයේ පසු වුවත් ,ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ඇය 107 වැනි ස්ථානයේ පසු වූ බව තිලිණි පවසා සිටී. ලංකාවේ ශ්‍රේණිගත කිරීම් වල පහල මට්ටමක පසු වන්නේ තමා වැඩිපුර ජාත්‍යන්තර තරඟ වලට යොමු වීම නිසා ලංකාවේ තරග මග හැරුන නිසා බව ඇය කියයි. ඇය පවසන පරිදි පසුගිය කාලය තුල ඇය ලංකාවේ දී සහභාගී වී ඇත්තේ මහනුවර පැවති තරග දෙකකට පමණි.
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව තරඟාවලියට සහභාගී නොවන බව දැන්වීමෙන් පසු අතිරේක ලයිස්තුවේ මුලින්ම සිටි තමන්ට එම අවස්ථාව හිමි වූ බව ඇය පවසයි.පළමු බැඩ්මින්ටන් නියෝජනය ලෙස පසු ගිය ඔලිම්පික් තරඟාවලියට සහභාගී වූ තමාට කණ්ඩායමේ නායකත්වය දැරීමටද සුදුසුකම් ඇති බවත් තෝරාගැනීමට ප්‍රමාද වීම නිසා එම අවස්ථාව අහිමි වූ බවත් පවතින නායකත්වය පිළිබඳව ගැටළු ඇති නමුත් බලධාරීන් සමග සාකච්චා කොට තීරණයක් ගැනීමට කාලය මදි වූ බවත් ඇය කියා සිටියාය.
තිලිණි ජයසිංහ විසින් පසුගිය සතියේ මාද්‍ය හමුවක් පවත්වා මේ කරුණු පැහැදිලි කරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment