ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්රී 9.30ට අභ්‍යවකාශගත කෙරේ. නව චන්ද්රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්රිකා විහිදුම් මධ්යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්යම ආසියාව , නැගෙනහිර අප්රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත. චීන රජයට අයත් චීන චන්ද්රිකා සන්නිවේදන සමාගම සමඟ ඒකාබද්ධව ක්රියාත්මක කළ ව්යාපෘතියක අවසන් ප්රතිඵලයක් ලෙස මෙය එළි දැක්වේ.ග්රේට් වෝල් ඉන්ඩස්ට්රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන්(china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්රීම්සැට් සමාගම චන්ද්රිකාව අභ්යාවකාශගත කිරීමේ ගිවිසුමට ඉකුත් 16 වැනි දා අත්සන් තැබුවේය.
වෙලා
Thursday, October 18, 2012
Thursday, October 11, 2012
FUTA වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි
අද පවත්වන ලද සාකච්චා වලින් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති දඹර අමිල හිමියන් ප්‍රකාශ කර තිබේ. එසේ වුවද පොරොන්දු පරිදි තම ඉල්ලීම් ලබා දීමට රජය අසමත් වුවහොත් නැවතත් වුර්තිය සමිති ක්‍රියා මාර්ගයට පිවිසීමට සිදුවන බවද පවසා තිබේ. ඒ අනුව සිකුරාදා සිට සේවයට වාර්තා කරන බව විශ්ව විද්‍යාල ආචාරය වරුන්ගේ සංගමය නිවේදනය කරයි.
Wednesday, October 10, 2012
විශේෂඥ වෛද්‍ය ජයමිනි ගෙන් "එබිටා " රෝගයට ප්‍රතිකර්මයක්
ලෝකයේ ළමයින්ගෙන් මිලියන 19.1කට වැලදෙන ඉතා දුර්ලභ රෝගයක් වන ‘එබීටා මොලිසිසිස් බුලෝසා’ නම් රෝගයට ලොව ප්‍රථම වතාවට ප්‍රතිකාරයක් සොයාගැනීමට කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයමිනි සේනානායක මහතා සමත් වී සිටී.මේ රෝගය වැලදුණ දරුවකුගේ උඩු සමේ බිබිලි පොකුරු වශයෙන් ලක්ෂ ගණනක් සැදී උඩු සම ගැලවී යෑම මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි.මේ රෝගය සඳහා මෙතෙක් කළ ප්‍රතිකාරය වන්නේ රෝගී දරුවනට බෝන්මැරෝ බද්ධ කිරීමයි. එයින් සෑම 5 දෙනෙකුගෙන් 2නකුම මියයෑම සිදුවූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.වෛද්‍ය ජයමිනි සේනානායක මහතා විසින් සොයාගෙන ඇති ආකාරයට රෝගී දරුවන්ගේම හිසකෙස් යොදාගෙන දින 10ක් වැනි කෙටි කාලයකින් රෝගය සුවපත් කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.මේ රෝගයට නිශ්චිත ඔෟෂධීය ක්‍රමවේදයක් සොයාගැනීම මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අන්තර්ජාතික වශයෙන් ලබාගත් ජයග්‍රහණයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
(උපුටා ගැනීම "මව්බිම")
(උපුටා ගැනීම "මව්බිම")
මනාප ක්‍රමය අහෝසියි.
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා වූ පළාත් පාලන ආයතන චන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් පාලන විශේෂ විධි විධාන පනත් කෙටුම් පත චන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව වාර්තා වේ. නව පනත මගින් මනාප ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කර මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
Tuesday, October 9, 2012
විදුහල් ප්‍රධානින් බ්‍රවේ කර්නල් නිලයට
දිවයිනේ ප්‍රමුඛ පෙලේ විදුහල් 21 ක විදුහල්පතිවරු සහ විදුහල්පතිනියන් ඇතුළු 23 දෙනෙක් බ්‍රවේ කර්නල් නිලයේ පිහිටුවීම ඊයේ (08) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.
ආශා බොස්ලේගේ දියණිය දිවි නසා ගෙන
ආශා බෝස්ලේ ගේ දියණිය වර්ෂා බෝස්ලේ සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ. 56 හැවිරිදි වර්ෂා දිවි නසා ගෙන ඇත්තේ තම නිවස තුල ඇති ආගමික කුටිය තුල දී පපුවට වෙඩි තබා ගනිමිනි. මීට වසර කීපයකට පෙරද ඇය නිදිපෙති අධි මාත්‍රාවක් ගැනීමෙන් දිවි නසා ගැනීමට තැත් කල අතර , ඇය විෂාදයෙන් පෙළුන බවද සඳහන්.ගායිකාවක මෙන්ම පුවත් පත් ලේඛිකාවක් ලෙසද ඇය වුර්තිය ජීවිතය ගත කල තැනැත්තියකි.
Monday, October 1, 2012
ඩීසල් මිල වැඩි වේ
අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් මිල ඉහල යන අතර ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 121 කි.
Subscribe to:
Posts (Atom)