ලෝකයේ ළමයින්ගෙන් මිලියන 19.1කට වැලදෙන ඉතා දුර්ලභ රෝගයක් වන ‘එබීටා මොලිසිසිස් බුලෝසා’ නම් රෝගයට ලොව ප්‍රථම වතාවට ප්‍රතිකාරයක් සොයාගැනීමට කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයමිනි සේනානායක මහතා සමත් වී සිටී.මේ රෝගය වැලදුණ දරුවකුගේ උඩු සමේ බිබිලි පොකුරු වශයෙන් ලක්ෂ ගණනක් සැදී උඩු සම ගැලවී යෑම මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි.මේ රෝගය සඳහා මෙතෙක් කළ ප්‍රතිකාරය වන්නේ රෝගී දරුවනට බෝන්මැරෝ බද්ධ කිරීමයි. එයින් සෑම 5 දෙනෙකුගෙන් 2නකුම මියයෑම සිදුවූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.වෛද්‍ය ජයමිනි සේනානායක මහතා විසින් සොයාගෙන ඇති ආකාරයට රෝගී දරුවන්ගේම හිසකෙස් යොදාගෙන දින 10ක් වැනි කෙටි කාලයකින් රෝගය සුවපත් කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.මේ රෝගයට නිශ්චිත ඔෟෂධීය ක්‍රමවේදයක් සොයාගැනීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය අන්තර්ජාතික වශයෙන් ලබාගත් ජයග්‍රහණයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
(උපුටා ගැනීම "මව්බිම")
No comments:
Post a Comment