වෙලා

Thursday, January 31, 2013

කොට්ට මාරුව


සතොසෙන් අඩු මිලට එළවළු

සතොස හරහා එළවළු අලෙවි කිරීමේ
අලෙවි සැල් ජලය තවත් පුළුල් කිරීමට
තීරණය කර ඇති අතර
සමුපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය
 ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්
පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි සැල් 30 කින්
වෙළඳ පොලට වඩා අඩු මිලට එළවළු අලෙවි කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනූව එම සතොස වෙළඳ සැල්
තුලින් වෙළඳ පොලෙහි පවතින මිලට
 වඩා අඩුවෙන් එළවළු මිලට ගැනීමට
ජනතාවට පහසුකම් සැලසේ.

Wednesday, January 30, 2013

උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට



උසස් පෙළ 2012 විභාගයේ ප්‍රතිඵල 
අද (30දා) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහරින බව
 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා කියයි.


Tuesday, January 29, 2013

මාර්තු 31න් පසු විදුලිය ගාස්තු වැඩි වන ලකුණු





 මාර්තු 31දායින් පසු විදුලි බල ගාස්තු වැඩිකිරීම
සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලයේ සභාපති විමලධර්ම අබේවික්‍රම මහතා
සඳහන් කෙළේ තෙල් මිල වැඩිවීම අනුව
විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවන පාඩුව
ලබන මාර්තු 31 දා තෙක් භාණ්ඩාගාරය මඟින්
දැරීමට එකඟවී ඇති හෙයින් මිල වැඩිකිරීම
පිළිබඳ තීරණයක් ගත හැක්කේ මාර්තු මාසයෙන් පසුව බවයි.




Monday, January 28, 2013

තේරීම් කමිටුවේ සභාපති ධුරය ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කාරක සභාවේ
නව සභාපති ධුරයට සනත් ජයසුරිය මහතා පත්කර ඇත. 

නව කැබිනට් පත්වීම්






අනුර ප්‍රියදර්ශන යාපා - ඛනිජ තෙල් අමාත්‍යංශය

සුසිල් ප්‍රේමජයන්ත - පරිසර අමාත්‍යංශය

පවිත්‍රා වන්නිආරච්චි - විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය

චම්පික රණවක - තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය

ලක්ෂ්මන් යාපා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය

ජයරත්න හේරාත් - උද්භිත උද්‍යාන සහ මහජන ව්‍යාපාර  අමාත්‍යංශය

දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා  අමාත්‍යංශය

විජිත විජයමුණි - වනජීවී සංරක්ෂණ  අමාත්‍යංශය

ලක්ෂ්මන් සෙනවිරත්න - සීනි කර්මාන්ත අමාත්‍යංශය

බසීර් සේගුදාවූර් - නිෂ්පාදන ප්‍රවර්ධන අමාත්‍යංශය


ව්‍යාපෘති ඇමතිවරුන්



රෝහිත අබේගුණවර්ධන සහ නිර්මලා කොතලාවල ව්‍යාපෘති ඇමතිවරුන් ලෙස වරාය සහ අධිවේගී මාර්ග  අමාත්‍යංශය


නියෝජ්‍ය අමාත්‍යවරුන් 

එස්.ම් චන්ද්‍රසේනම් ,සුසන්ත පුංචිනිලමේ සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ඒ.ආර්.එම් අබ්දුල් කාදර් - පරිසර පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
 06- සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 


විදේශ කටයුතු , ආරක්ෂක , මාධ්‍ය , මූල්‍ය සහ ගමනාගමන යන අමාත්‍යංශවල අමාත්‍යවරුන් වෙනස් වී නොමැත

Friday, January 25, 2013

'විශ්වරූපම්' ලංකාවේ තහනම්

දෙමළ චිත්‍රපට නළුවකු වන කමල් හසන් නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ 'විශ්ව රූපම්' දෙමළ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.25දාඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේදී තිරගත වීමට නියමිතව තිබූ 'විශ්වරූපම්' චිත්‍රපටය චරපුරුෂ කතාවක් සහිත චිත්‍රපටයක් වන අතර තමිල්නාඩුවේ මුස්ලිම් දේශපාලන පක්‍ෂ කීපයක්ම එම චිත්‍රපටය තිරගත කිරීමට විරුද්ධව මදුරාසි අධිකරණයෙන් තහනම් නියෝගයක් දින 14කට ලබාගෙන ඇත.