වෙලා
Tuesday, March 5, 2013
දුමින්ද ඇවිත්
අද අලුයම දිවයිනට පැමිණි දුමින්ද සිල්වා
රක්ෂිත භාන්ධනාගාර ගත කිරීමට නියම වූ
නමුත් ඔහුගේ අහයහපත් සෞඛය තත්ත්වය
හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ නවලෝක
රෝහලට ඇතුලත් කර ඇත . හිසේ කැපුම් සලකුණක්
සහිත චායරුපයක් මේ වනවිට මාධ්යට ලැබී තිබේ .
ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 15,000ක්
ශ්රී ලංකාවාසීන් පහළොස්දහසක් පිළිකා රෝගීන් ලෙස වසරකට අලුතින් ලැයිස්තුගත වන බව, මහරගම ජාතික පිළිකා රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්ය වසන්ත දිසානායක මහතා අනාවරණය කරයි. ශ්රී ලංකාව තුළ වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්යාව කැපී පෙනෙන ලෙස මෙසේ ඉහළ යමින් පවතින අතර, පසුගිය වසර තුළදී පමණක් පිළිකා රෝගීන්ගේ සංඛ්යාවේ 25%ක වර්ධනයක් පෙන්නුම් කරන බව, වෛද්ය වසන්ත දිසානායක මහතා පැවැසීය. මේ තත්ත්වය වසරක් පාසා වර්ධනය වෙමින් පවතින බවත් පිළිකා රෝගය සඳහා දිනකට බාහිර රෝගී අංශයෙන් ප්රතිකාර ගැනීමට රෝගීන් 600ක් පමණ පැමිණෙන බවත් කීය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 20% ක්ම පියයුරු පිළිකාවලට ගොදුරුවූවන් වන අතර 99% ක්ම පියයුරු පිළිකා වැලඳෙන්නේ කාන්තාවන්ට බවත් පිරිමින් අතරින් 01% කට පියයුරු පිළිකා වැලැඳීමට ඉඩ ඇති බවත් වෛද්ය වසන්ත දිසානායක මහතා ප්රකාශ කළේය. |
Monday, March 4, 2013
Sunday, March 3, 2013
'' සිද්ධාර්ථ ගෞතම'' ආදායම දින 32කට ලක්ෂ 972යි
|
හයලක්ෂ හැට එක්දහස් එකසිය නවයක් නරඹා ඇති අතර එම දින ගණන තුළ ලක්ෂ 972ක ආදායමක් උපයා ඇත.එම ආදායම මෙතෙක් සිංහල චිත්රපටයක් ප්රදර්ශනය වීමේදී තැබූ ඉහළම වාර්තාවකි. |
රජරට මුත්රාවල ආසනික් ප්රතිශතය වැඩි වෙලා
|
වකුගඩු රෝගයට බරපතළ ලෙස මුහුණ පා ඇති රජරට ප්රදේශයේ ජනතාවගේ මුත්රාවල පවතින ආසනික් ප්රමාණය ග්රෑම් එකකට මයික්රෝග්රෑම් 92.44 දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්ය සංවිධානය නිකුත් කළ අවසාන වාර්තාවේ සඳහන් වන බව රජරට විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ කථිකාචාර්ය වෛද්ය චන්න ජයසුමන මහතා ප්රකාශ කරයි. එමෙන්ම වකුගඩු නරක් වීම සඳහා තිබිය යුතු අවම ආසනික් ප්රමාණය ග්රෑම් එකකට මයික්රෝග්රෑම් 20.74ක් වන බවත් රෝගය නොමැති අනෙක් ප්රදේශවල ජනතාවගේ මුත්රාවල පවතින ආසනික් ප්රමාණයද ග්රෑම් එකකට මයික්රෝග්රෑම් 56.57ක් වන බවත් ඔහු කීය. මෙසේ ආසනික් කැඩ්මියම් සහ පළිබෝධනාශක ද්රව්ය ජනතාවගේ ශරීරවල ඇති වීමට ප්රධානතම හේතුව වන්නේ කෘෂිරසායනික ද්රව්ය බව කී ඒ මහතා රජරට ප්රදේශයේ ජනතාවගේ ශරීරයේ පවතින ආසනික් ප්රමාණය ඉහළ ගොස් ඇත්තේ එම ජනතාව විසින් පානය කරනු ලබන කිවුල් ජලය ආසනික් මිශ්ර වූ ආහාරවල පවතින විස දිය නොකර තැන්පත් කර තබාගැනීම නිසා බව කීය. |
Friday, March 1, 2013
කලාකරුවන්ට විශ්රාම වැටුප් ක්රමයක්
|
කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය සතුටින් සහ තෘප්තිමත්ව ගත කිරීම සඳහා මූල්යමය ආධාරයක් සැපයීම වෙනුවෙන් "සුරැකුම" නමින් නව විශ්රාම වැටුප් යෝජනා ක්රමයක් ආරම්භ කිරීමට සංස්කෘතික කටයුතු අමාත්යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වයස අවුරුදු 59ට අඩු නර්තන, කැටයම්, චිත්ර, මූර්ති, රූකඩ, ගම්මඩු, බලි, තොවිල්, හේවිසි, පෙරහර නර්තන ශිල්පීන්, ගැමි නාට්යකරුවන්, ගායන, වාදන, සංගීත ශිල්පීන්, කවීන්, සාහිත්යවේදීන් ආදී සියලුම කලාකරුවන්ට මේ විශ්රාම වැටුප් ක්රමයට දායක විය හැකිය. මේ විශ්රාම වැටුප් ක්රමයේ විශේෂත්වය වන්නේ මේ ක්රමයට දායක වන සියලු කලාකරුවන්ගේ මාසික වාරික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ගෙවනු ලැබීමයි. මේ ක්රමයට දායක වන සියලුම කලාකරුවන්ට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ස්ථිර විශ්රාම වැටුපක් හිමි වන අතර කලාකරුවාගෙන් පසුව කලත්රයාට එම වැටුප හිමි වෙයි. මේ සඳහා දායක වීමට කැමැති කලාකරුවන් ප්රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්ගෙන් අයදුම්පත් ලබාගෙන සංස්කෘතික නිලධාරිගේ හා ප්රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව අධ්යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය. සංස්කෘතික නිලධාරි අයදුම්පත් මඟින්ද එවිය හැකිය. වැඩි විස්තර 0112872031 දුරකතනයෙන් විමසිය හැකිය |
සිසිලියා කොතලාවලට වරෙන්තු
|
ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවේ හය වැනි විත්තිකාරිය වන සිසිලියා කොතලාවල මහත්මියට ඊයේ (28දා) වරෙන්තු නිකුත් කෙළේය. මහාධිකරණයේ කුමුදුනී වික්රමසිංහ විනිසුරුවරිය මෙසේ වරෙන්තු නිකුත් කෙළේ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කුමුදු හේවගේ කළ ඉල්ලීමක් අනුවයි. මීට පෙර මේ විත්තිකාරියට වරෙන්තු නිකුත් කළද එය නිසිලෙස ක්රියාත්මක නොවූ හෙයින් දැනට එංගලන්තයේ සිටින ඇය මේ නඩුව සඳහා ගෙන්වාගත යුතු බව නීතිඥ හේවගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සෙලින්කෝ තැන්පත්කරුවන් මුදල් එම සමාගමෙන් ඉල්ලා සිටීම ආරම්භ කිරීමත් සමඟ මේ විත්තිකාරිය විදේශගත වූ අතර මේ දක්වා දිවයිනට පැමිණ නැති බවද නීතිඥ හේවගේ අධිකරණයට පැහැදිලි කෙළේය. |
Subscribe to:
Posts (Atom)

