වෙලා

Sunday, March 3, 2013

රජරට මුත්‍රාවල ආසනික් ප්‍රතිශතය වැඩි වෙලා



වකුගඩු රෝගයට බරපතළ ලෙස මුහුණ පා ඇති
රජරට ප්‍රදේශයේ ජනතාවගේ මුත්‍රාවල පවතින
ආසනික් ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 92.44 දක්වා
 ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ
අවසාන වාර්තාවේ සඳහන් වන බව රජරට විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම වකුගඩු නරක් වීම සඳහා තිබිය යුතු අවම ආසනික්
 ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 20.74ක් වන බවත්
 රෝගය නොමැති අනෙක් ප්‍රදේශවල ජනතාවගේ මුත්‍රාවල පවතින
 ආසනික් ප්‍රමාණයද ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 56.57ක් වන බවත්
ඔහු කීය. මෙසේ ආසනික් කැඩ්මියම් සහ පළිබෝධනාශක ද්‍රව්‍ය
ජනතාවගේ ශරීරවල ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ
කෘෂිරසායනික ද්‍රව්‍ය බව කී ඒ මහතා රජරට ප්‍රදේශයේ ජනතාවගේ
ශරීරයේ පවතින ආසනික් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ
 එම ජනතාව විසින් පානය කරනු ලබන කිවුල් ජලය ආසනික්
 මිශ්‍ර වූ ආහාරවල පවතින විස දිය නොකර තැන්පත් කර තබාගැනීම
නිසා බව කීය.

No comments:

Post a Comment