වෙලා

Saturday, March 9, 2013

ආයු කාලයෙන් 44%ක් අඩු කර ගන්න



කල් තබා ගත හැකි ලෙස සකස් කළ 
මස් අඩංගු සොසේජස් හා හැම්, බේකන් 
දෛනිකව ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ
 ආයු කාලය සාමාන්‍ය පුද්ගලයන්ගේ ආයු
 කාලයට වඩා 44% කින් අඩුවන බව සමීක්‍ෂණයක්
 මඟින් සොයාගෙන ඇත.යුරෝපීය රටවල් 7ක් 
ඇසුරෙන් සිදුකළ සමීක්‍ෂණයකදී මේ බව 
සොයාගෙන ඇත.කල් තබාගත හැකි වන ලෙස
 සකස් කළ මස්වල අඩංගු ලුණු හා කල් තබාගත හැකිවන
 ලෙසට යොදන රසායනික ද්‍රව්‍ය මෙම තත්ත්වයට 
ප්‍රධාන වශයෙන් බලපාන බව එහිදී අනාවරණය වී තිබේ.

එවැනි ආහාර වැඩිවශයෙන් ගන්නා පුද්ගලයන් දුම් පානයටද
හුරුවී ඇත්නම් තරබාරුකමද වැඩිවන අතර හදවත්
රෝගවලට ගොදුරුවීමේ හා පිළිකා වැලඳීමේ වැඩි
 ප්‍රවණතාවක් පවතින බවද එම සමීක්‍ෂණයේදී සොයාගෙන තිබේ.

No comments:

Post a Comment