ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කිරීමට අන්තර්ජාතික ප්‍රජාව සූදානම් වේ. අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් කැනඩාව සහ ඔස්ටි්‍රයාව ඇතුළු රටවල් කිහිපයක් මේ සඳහා කටයුතු කරන බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සිදු කිරීම ඔවුන්ගේ සැලැසුම වී ඇති බවත් විදේශ සේවයේ ඉහළම නිලධාරියකුට පැවැසීය. එක් එක් ජාතීන්ට වෙන් වූ වෙනම කලාප පිහිටුවීම සඳහා ජනතාවගේ ඇති කැමැත්ත මේ ජනමත විචාරණය මඟින් විමසා බැලීමට අපේක්‍ෂිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කෙළේය. මීට අදාළ අන්තර්ජාල පණිවුඩයක්ද මේ දිනවල තානාපති අංශ අතර හුවමාරු වේ. තමිල්නාඩුවේ විපක්‍ෂ නායක එම්. කරුණානිධි ද මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින්නේ උතුරේ වෙනම පාලනයක් සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසයි. මීට පෙර උතුරු සුඩානය සහ දකුණු සුඩානය වෙන් කරන ලද්දේ මෙවැනිම සැලැස්මක් මඟින් බවද අදාළ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කෙළේය. |
වෙලා
Sunday, March 24, 2013
''ජනමත විචාරණයකට යන්න !! '' ආණ්ඩුවට ජගත් බලපෑම්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment