වෙලා

Friday, March 8, 2013

'හලාල්' හේතුවෙන් 50% කින් වෙළෙදාම් පහතට



'හලාල්' සලකුණ යොදා ඇති භාණ්ඩ මිලදී ගැනීම 
බහුතර ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීම 
හේතුවෙන් වෙළෙදාම් කටයුතු හරි අඩකින් පමණ 
කඩා වැටී, තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දැඩි 
දුෂ්කරතා උද්ගතව පවතින බව මහනුවර නගරයේ
 ව්‍යාපාරික ප්‍රජාව පවසති.

අවශ්‍ය දෙයට මෙන්ම අනවශ්‍ය දෙයට පවා 'හලාල්'
 සලකුණ යෙදීම හේතු කොටගෙන වෙළෙඳ කටයුතු
 වඩාත් ව්‍යාකූල වී ඇති බවත් රජය හෝ මැදිහත්ව මෙම 
අර්බුදය සමථයකට පත් නොකළහොත් ඉදිරියේදී තම
 ව්‍යාපාර කඩාවැටීම නොවැළැක්විය හැකි බව එම
 ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. දැනට මාස කීපයක සිට 
කෙමෙන් අඩු වූ වෙළෙදාම් කටයුතු මේ වන විට 50% කින්
 පමණ පහත වැටී ඇති බවත්, මේ හේතුවෙන් තම ගනුදෙනු 
කටයුතු මෙන්ම සේවක වැටුප් ගෙවීම පවා කරගත 
නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඔවුහු සඳහන් කරති.

'හලාල්' සලකුණ යොදා ඇති චොක්ලට්, බිස්කට්, යෝගට්
 ඇතුළු ආහාර මිලදී ගැනීම කුඩා දරුවන් පවා ප්‍රතික්‍ෂේප 
කරන තත්ත්වයක් උද්ගතව පවතින බව ඔවුහු සඳහන් කරති.
 කටුගස්තොට, පේරාදෙණිය, කුණ්ඩසාලේ, තෙල්දෙණිය
 ආදී ප්‍රදේශයන්හි මෙන්ම සෙසු ග්‍රාමීය ප්‍රදේශයන්හිදී
 ව්‍යාපාරික කටයුතු මේ වන විට ශීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබේ.


No comments:

Post a Comment