වෙලා

Friday, March 1, 2013

කලාකරුවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්




 කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය
 සතුටින් සහ තෘප්තිමත්ව ගත කිරීම සඳහා
මූල්‍යමය ආධාරයක් සැපයීම වෙනුවෙන්
 "සුරැකුම" නමින් නව විශ්‍රාම වැටුප් යෝජනා
 ක්‍රමයක් ආරම්භ කිරීමට
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ
උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
 පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 59ට අඩු නර්තන, කැටයම්, චිත්‍ර, මූර්ති,
 රූකඩ, ගම්මඩු, බලි, තොවිල්, හේවිසි,
පෙරහර නර්තන ශිල්පීන්, ගැමි නාට්‍යකරුවන්,
ගායන, වාදන, සංගීත ශිල්පීන්, කවීන්, සාහිත්‍යවේදීන්
 ආදී සියලුම කලාකරුවන්ට මේ විශ්‍රාම වැටුප්
ක්‍රමයට දායක විය හැකිය.

මේ විශ්‍රාම වැටුප් ක්‍රමයේ විශේෂත්වය
වන්නේ මේ ක්‍රමයට දායක වන සියලු
කලාකරුවන්ගේ මාසික වාරික සංස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ගෙවනු
ලැබීමයි. මේ ක්‍රමයට දායක වන සියලුම
 කලාකරුවන්ට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය
 දක්වා ස්ථිර විශ්‍රාම වැටුපක් හිමි වන අතර
කලාකරුවාගෙන් පසුව කලත්‍රයාට එම වැටුප හිමි වෙයි.

මේ සඳහා දායක වීමට කැමැති කලාකරුවන්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්ගෙන්
 අයදුම්පත් ලබාගෙන සංස්කෘතික නිලධාරිගේ
හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව
 අධ්‍යක්‍ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
 8 වැනි මහල, 
සෙත්සිරිපාය,
බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය.
සංස්කෘතික නිලධාරි අයදුම්පත් මඟින්ද එවිය හැකිය.

 වැඩි විස්තර 0112872031 දුරකතනයෙන් විමසිය හැකිය

No comments:

Post a Comment