වෙලා

Wednesday, September 26, 2012

දෑත් හා දෙපා අහිමිලොව ප්‍රථම වයිද්යවරිය ඇයයි






Daniela Garcia දෑත් හා දෙපා අහිමි (අත පය හතරම අහිමි) ලොව ප්‍රථම වයිද්යවරියයි.ඇය අංගසම්පුර්ණ දැරියක් ලෙස උපත ලබා, සුන්දර යුවතියක් ලෙස වයිද්‍ය විද්‍යාලයට ඇතුලත් වූ සිසුවියකි. එහිදී අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟයකට සහභාගී වීම සඳහා දුම්රියෙන් ගමන් කරන්නට ඇයට සිදු වුවාය. එක් මැදිරියකින් තවත් මැදිරියකට මාරු වීමට යාමේදී ඇයව දුම්රිය මාර්ගයට ඇද වැටෙන්නේ ඇගේ ජීවිතය උඩු යටිකුරු කරමිනි.යන්තමින් ජීවිතය හිමි කරගන්නට පමණක් ඇය වාසනාවන්ත වන්නේ ඇගේ දෑත් සහ දෙපා නොමැතිවය. දැවැන්ත අහිමිවීම් මත වුවද තම ඉලක්කයන් කරා යාමට ඇය පසුබට වුයේ නැත. ඒ සඳහා යෝධ ශක්තියත් සෙවනැල්ලත් වුයේ ඇගේ මව්පියන් සහ ප්‍රේමවන්තයායි.
ඒ අනුව දෑත් දෙපා අහිමි ලොව පළමු වයිද්‍යවරිය ලෙස Daniela Garcia තම වුර්තිය ජීවිතය අරඹන්නේ , රිකාඩෝ එනම් ඇගේ පෙම්වතාගේ ආදරණිය බිරිඳ ලෙස පෞද්ගලික ජිවිතයේද නව පිටුවක් පෙරලමිනි. I CHOSE TO LIVE කෘතිය එළි දක්වමින් ඇය ගත්කතුවරියක් බවටද පත්වන්නේ තම ජිවිත අත්දැකීම් සමාජය සමඟ බෙදා ගනිමිනි.
I CHOSE TO LIVE


Monday, September 24, 2012

IVF දියණියට 2012 එංගලන්ත රූ රැජින කිරුළ

ළදරු වියේ දී

මව පියා සහ සොයුරිය සමඟ

23 හැවිරිදි චාර්ලට්

Miss England 2012

IVF ( in vitro fertilization) ක්‍රමයෙන් බිහි වූ චාර්ලට් හෝම්ස් පසුගියදා එංගලන්ත රූ රැජින 2012 ( Miss England 2012 ) ලෙස කිරුළු පැලඳුවා. මහාචාර්ය රොබට් විල්සන් විසින් වසර 23 කට පෙර සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ඇය උපත ලබා තිබෙනවා. ඇය පළමු උත්සාහයෙන්ම සාර්ථක වූ උපතක් බව ඇගේ මව්පියන් පවසනවා. ඉතිහාසයේ බිහි වූ ලෝක රූ රැජිනියන් අතර පළමු IVF යුවතිය වීම තම බලාපොරොත්තුව බවයි චාර්ලට් හෝම්ස් පවසන්නේ.

Sunday, September 23, 2012

සුරූපී Keira Knightley ඇනා කැරනිනා ලෙස



2012 වසරට ඉදිරිපත් කරන Joe Wright ගේ නවතම සිනමා කෘතියයි ඇනා කැරනිනා .මෙය නාට්‍ය චිත්‍රපටයක් ( Drama Film) ලෙසයි Joe හඳුන්වා දෙන්නේ . ඇනා කැරනිනා සිනමා පටය 1877 ලියෝ තෝල්ස්තෝයි විසින් රචිත ඇනා කැරනිනා නවකතාවේ සාරයයි. මෙය Joe Wright විසින් රචිත Working Tittle films සහයෝගයෙන් ඉදිරිපත් කෙරෙන සිවු වැනි නිර්මාණයයි ඇනා කැරනිනා සිනමා පටයේ තිරරචනය Tom Stopard ගේ වන අතර ඉතාලි ජාතික Dario Marianelli සංගීතයෙන්ද Jacqueline Durran ඇඳුම් නිර්මාණයෙන් ද දායකත්වය සපයයි .Joe Wright ඇනා කැරනිනා සිනමා පටයට සම්බන්ධ අය සමඟ මීට පෙරද නිර්මාණ කටයුතු වල නිරත වී ඇති අතර Pride & Prejudice ආසන්නතම නිර්මාණයයි. සිනමා ලෝලීන්ගේ වැඩි අවධානය යොමුව තිබුනේ මෙහි ප්‍රධාන චරිතය වෙතයි.සුරූපී Keira Knightley ඇනා කැරනිනා ලෙසත් ඇයගේ ස්වාමි පුර්ෂයා ලෙස Jude Law ද යොවුන් පෙම්වතා ලෙස Aaron Taylor Johnson ද ඇනා කැරනිනා හා එක්වේ.

 

Saturday, September 15, 2012

විලියම්- කේට් "පවුලේ මල් " බලන්න ගිහිං




විලියම් සහ කේට් පසුගිය දා සිංගපුරු සංචාරයක නිරත උනා.එහිදී තමන් නමින් නම් කර ඇති ඕකිඩ් මල බලන්නටත් ඔවුන් අමතක කලේ නෑ. දම් සහ සුදු වර්ණ සංයෝජිත රුවැති ඕකිඩ් මලක් කෙම්බ්රිජයේ "ආදිපාදවරයා සහ ආදිපාදවරිය" ලෙස නම් කළ ඕකිඩ් මලක් වගේම සුරූපී ඩයනා සහ එළිසෙබෙත් II රැජින වෙනුවෙන්ද සිංගපුරුවේ ජාතික උද්භිද උද්‍යානයේ ඕකිඩ් මල් නම් කර තිබෙනවා. කෙසේ නමුත් ඩයනා නමින් නම් කළ ඕකිඩ් මල දකින්නට ඩයනාට නොහැකි වුයේ ඒ සඳහා සින්ගපුරුවට පැමිණීමට නියමිතව තිබු දිනට දින කිහිපයකට පෙර ඇය මිය ගිය බැවිනි . විලියම් කේට් යුවළ "පවුලේ මල් " සියල්ල නැරඹුවා.
මේ අවස්ථාවට කේට් මල් වැටුණු ලා පැහැති චාම් ඇඳුමකින් සැරසී සිටියා.

Wednesday, September 12, 2012

මාර්ක් සකර්බර්ග් FACE BOOK යථා තත්වයට ගේනවලු ...


FACE BOOK ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සමාගම Wall Street කොටස් වෙළෙඳ පොළ තුල කඩා වැටීමට ලක්වීම දෙස බලා සිටියේ සන්තෝෂයෙන් නොවේ. නමුත් විවේචකයින්ට පිළිතුරු දීමට තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් ඔහු බලා සිටින බවයි වාර්තා වන්නේ.
මහජන නිකුතුවෙන් පසු FACE BOOK ප්‍රධානීන්ගේ වෙළෙඳපොල කොටස්හි අගයන් හරි අඩකින් අවම උනා. පසුගිය අඟහරුවාදා FACE BOOK කොටසක මිල ඩොලර් 38 සිට ඩොලර් 19.43 දක්වා පහත වැටී තිබීම හේතුවෙන් , එහි වෙළෙඳ පොළ වටිනාකමින් ඩොලර් බිලියන 50 කට වඩා වැඩි මුදලක් කපා හැර තිබුනා. 



Friday, September 7, 2012

බිල් ගේට්ස් ගේ " වැසිකිළි තරගය "


Microsoft සම නිර්මාතෘ බිල් ගේට්ස් විසින් දියුණු වන රටවලට උචිත නව වැසිකිලි වර්ග සෙවීමේ කර්තව්‍යට ඇත ගැසුවා. ගේට්ස් සහ ඔහුගේ බිරිඳ විසින් පිහිටවනු ලැබූ පදනම මගින් " Reinvent the
toilet fair " යනුවෙන් මෙම මෙහෙයුම දියත් කල අතර ක්‍රියාත්මක කල හැකි නිර්මාණ සඳහා ත්‍යාග ද පිරිනැමුණා.
ලොව ජනගහනයෙන් 40% කට ධනවතුන් භාවිතා කරනු ලබන වර්ගයේ වැසිකිලි හදුන්වා දීම ප්‍රයෝජනයක් නොවන බවයි බිල් ගේට්ස් ගේ පිළිගැනීම. එයට හේතුව ලෙස ඔහු දකින්නේ ජලය,කාණු පද්ධති , විදුලිය හෝ ප්‍රතිචක්‍රීයකරන පද්ධති වැනි සම්පත් නොමැති වීමයි.
සුරක්ෂිත එහෙත් වැඩි වියදමක් දැරීමට සිදුනොවන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙතක් නිර්මාණය කිරීමට " The Toilet fair " සමග 220 කට වඩා අධික ආයෝජකයින් , නිර්මාණකරුවන් , හවුල්කරුවන් , නව සොයාගැනීම් ඉදිරිපත් කළා. 


ඒ අතරින් හයිඩ්‍රජන් වායුව සහ විදුලිය උත්පාදනය කළ හිරු එළියෙන් බලාත්මක කරනු ලැබූ California Institute Of Technology නිර්මාණය ප්‍රථම ස්ථානය දින ගත්තා.
දෙවැනි ස්ථානය , අපද්‍රව්‍ය ජීව අඟුරු , ලවණ වර්ග සහ පිරිසිදු ජලය ලෙස පරිවර්තනය කළ Loughborough University දිනා ගත්තා.
තුන්වැනි ස්ථානය හිමි උනේ අපද්‍රව්‍ය පිරිසිදු කර ලවණ ,ජලය ආපසු ලබාගන්න නිර්මාණය ඉදිරිපත් කළ University Of Toronto යි.

Wednesday, September 5, 2012

2012 පැරා ඔලිම්පික් ශ්‍රී ලාංකේය අභිමානය









2012 පැරා ඔලිම්පික් උළෙලේ ටී - 46 කාණ්ඩය යටතේ පිරිමි මීටර් 400 තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කම දිනාගැනීමටසමත් වී තිබේ.2012 පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු හා එකම පදක්කමයි මේ.

Tuesday, September 4, 2012

ඉන්දියාවට ලැබුන වසර 46 ක් වයස ලියුම









ඇල්ප්ස් කඳු වැටියේ උසම කන්ද වන Mount Blanc හිදී අනතුරට පත් Air India ගුවන් යානයේ තිබු ඉන්දියානු රාජතාන්ත්‍රික තැපැල් පාර්සලයක් හමු වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එම ගුවන් අනතුර සිදු වී ඇත්තේ 1966 වසරේදී වීමයි. එය මුම්බායි සිට නිව්යෝර්ක් බලා පියාසර කරමින් තිබු යානයකි. මෙහි ගමන් ගත් මගින් 117 දෙනාම ඒ අවස්ථාවේදී ම මියගොස් ඇති අතර ඉන්දියානු න්‍යෂ්ටික වැඩසටහනේ පිය ලෙස සැලකෙන විශිෂ්ට න්‍යෂ්ටික විද්‍යාඥයකු වූ Homi J Bhaba ද ඒ අතර වේ.
ඉතිහාසගත වන මෙම තැපැල් පාර්සලය වසර 46 කට පසු සොයා ගෙන ඇත්තේ කඳු සුරකින්නෙකු වන Arnaud Christmann හා ඔහුගේ අසල්වැසි Jules Berger විසිනි.
"සමහර සංචාරකයන් Bossons ග්ලැසියරයේ යමක් දිලිසෙනු දුටු බව පැවසුවා " යයි පවසන Christmann එය සොයා ගන්නා විට " කිසිවකු එය පරෙස්සමට තබා ඇති අයුරින් " තිබු බවද පවසයි.
ඔහු විසින් එය Chamonix නගරයේ පොලිස් ස්ථානයට බාර දී ඇති අතර , ප්‍රංශ නිලධාරීන් විසින් එය ඉන්දියානු තානාපති නිලධාරී Satwant Khanalia වෙත බාර දී තිබේ.
එවකට ඉන්දියාවේ විදේශ අමාත්යංශය හඳුන්වනු ලැබූ "බාහිර කටයුතු අමාත්යංශය " සහ " රාජතාන්ත්‍රික තැපැල් " යනුවෙන් එහි සඳහන්ව තිබු බවද වාර්තා වේ.

Monday, September 3, 2012

ලොවම රසවත් කරන " Dalinda " රුමේනියාවෙන්


ඇලෙක්ස් මිකා - Alex Mica

රුමේනියානු සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකරු ඔහු බව කිව්වොත් නිවැරදියි. 1991 උපන් Alex Mica තම සංගීත ගමන අරඹන්නේ වයස අවුරුදු හයේදීය . Doamna si Vagabondul ගීතයත් සමග Alex Mica කරලියට පැමිණෙන්නේ ජෝර්ජ් හොරා සහ පුයා සමගයි. 2011 වන විට               " Save Save " ගීතයෙන් අනතුරුව Seniorita ගීතයත් අතිශය ජනප්‍රිය විය.  " Seniorita " ගීයේ පද රචනයද Alex Mica ගේය. එම ජනප්‍රියත්වය අතරතුරම ඔහු Dj Fabio Da Lera සමග Mi Corazon ගීය නිකුත් කරනු ලැබීය. 
 2012 දී නිකුත් කරනු ලැබූ "Dalinda " ගීතයත් සමග Alex Mica ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණෙයි.


 "Dalinda  " - Dony , The kid සහ Alex Mica සුසංයෝගයේ දැවැන්ත ප්‍රකාශනයයි. "Dalinda " You Tube වෙත නිදහස් කර දින ගණනක් ඇතුලත එය නැරඹු පිරිස මිලියන දෙකද ඉක්මවිය .