වෙලා
Tuesday, September 4, 2012
ඉන්දියාවට ලැබුන වසර 46 ක් වයස ලියුම
ඇල්ප්ස් කඳු වැටියේ උසම කන්ද වන Mount Blanc හිදී අනතුරට පත් Air India ගුවන් යානයේ තිබු ඉන්දියානු රාජතාන්ත්‍රික තැපැල් පාර්සලයක් හමු වී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එම ගුවන් අනතුර සිදු වී ඇත්තේ 1966 වසරේදී වීමයි. එය මුම්බායි සිට නිව්යෝර්ක් බලා පියාසර කරමින් තිබු යානයකි. මෙහි ගමන් ගත් මගින් 117 දෙනාම ඒ අවස්ථාවේදී ම මියගොස් ඇති අතර ඉන්දියානු න්‍යෂ්ටික වැඩසටහනේ පිය ලෙස සැලකෙන විශිෂ්ට න්‍යෂ්ටික විද්‍යාඥයකු වූ Homi J Bhaba ද ඒ අතර වේ.
ඉතිහාසගත වන මෙම තැපැල් පාර්සලය වසර 46 කට පසු සොයා ගෙන ඇත්තේ කඳු සුරකින්නෙකු වන Arnaud Christmann හා ඔහුගේ අසල්වැසි Jules Berger විසිනි.
"සමහර සංචාරකයන් Bossons ග්ලැසියරයේ යමක් දිලිසෙනු දුටු බව පැවසුවා " යයි පවසන Christmann එය සොයා ගන්නා විට " කිසිවකු එය පරෙස්සමට තබා ඇති අයුරින් " තිබු බවද පවසයි.
ඔහු විසින් එය Chamonix නගරයේ පොලිස් ස්ථානයට බාර දී ඇති අතර , ප්‍රංශ නිලධාරීන් විසින් එය ඉන්දියානු තානාපති නිලධාරී Satwant Khanalia වෙත බාර දී තිබේ.
එවකට ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය හඳුන්වනු ලැබූ "බාහිර කටයුතු අමාත්‍යංශය " සහ " රාජතාන්ත්‍රික තැපැල් " යනුවෙන් එහි සඳහන්ව තිබු බවද වාර්තා වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment