|
ඩෙංගු මදුරුවන් ඇතුළු අනෙකුත් මදුරුවන් පහසුවෙන් මර්දනය කළ හැකි රසායනික සංයෝගයක් හඳුන්වා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය හා වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලන, පක්ෂි විද්‍යාපීඨයේ ආචාර්යවරු පිරිසක් සමත්ව සිටිති. මොස්කිල් නමින් හඳුන්වන මේ රසායනික සංයෝගය මඟින් මදුරු කීට සියයට 100ක් විනාශ කළ හැකි බව දැනට සොයාගෙන තිබේ. මදුරුවන් මර්දනය කළහැකි නව රසායනික සංයෝගය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය මඟින්ද දැනට අත්හදා බැලීමක් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය අනුර ජයසූරිය හා වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලන පක්ෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ යන මහත්වරු විසින් මේ නව සොයා ගැනීම කරන ලදී. |
වෙලා
Thursday, February 28, 2013
පේරාදෙණි-වයඹ සරසවිවලින් මදුරු මර්දනයට රසායනික සංයෝගයක්
ජනක ඉනිමංකඩගේ 'සුජාත දියණිය'ට වාරණයක්
|
විදර්ශන පබ්ලිෂස්හි ජානක ඉනිමංකඩ මහතා විසින් රචනා කරන ලද පොතේ අලෙවිය නතර කරන්නැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඊ.ඒ.පී.ආර්. අමරසේකර මහතා අතුරු වාරණයක් නිකුත් කෙළේය. එම වාරණය නිකුත් කෙළේ දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලිං විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් බාහිර පාර්ශ්වයකට එහි කිසිදු අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් කොළඹ වාණිජ මහාධිකරණයට ගොනු කළ නඩුවක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතාගෙන් 'මව්බිම' කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ සුජාතා දියණිය ටෙලි නාට්‍යයේ විකාශන අයිතිය රූපවාහිනී සංස්ථාව සතු වන අතර 'සුජාත දියණිය', 'චංගුමී' යන වචන රූපවාහිනී සංස්ථාව මඟින් යෙදූ වචන වන බැවින් එය බුද්ධිමය දේපළ පනත යටතේ වෙනත් පුද්ගලයකුට භාවිත කළ නොහැකි බවයි. සමරනායක මහතා කීවේ සංස්ථාව මඟින්ම 'සුජාත දියණිය' ටෙලි නාට්‍ය අලළා පොතක් රචනා කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. |
නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය බැසිල් ට
|
බැසිල් රාජපක්ෂ මහතා ඒකමතිකව පත්කර ඇති බව වාර්තා වේ. |
Wednesday, February 27, 2013
අමාත්‍ය මහින්ද සමුළුව අමතයි
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය රටේ මානව අයිතිවාසිකම් රැකගනිමින් සහ එය උසස් කිරීමට උත්සාහ දරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.කෙටි
කාලයක් ඇතුළත අවතැන් වූ ජනතාව නැවත පදිංචි කර රට වේගවත් සංවර්ධන මාවතකට
ගෙනයාමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ
මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 22 වැනි සැසිවාරයට සහභාගීවෙමින් ප්‍රකාශ කළේය.
තවද උතුරු පළාතේ 27% ක වර්ධනයක්ද වාර්තා අතර අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමිවූ ජනතාව 2012 සැප්තැම්බර් 24 වනදා වනවිට නැවත පදිංචිකර ඇති බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද උතුරු පළාතේ 27% ක වර්ධනයක්ද වාර්තා අතර අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමිවූ ජනතාව 2012 සැප්තැම්බර් 24 වනදා වනවිට නැවත පදිංචිකර ඇති බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද අද සමුළුව අමතයි
|
මහින්ද සමරසිංහ මහතා අද (27දා) ජිනීවාහි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතය. පෙරේදා (25දා) ආරම්භ වූ 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී මුලින්ම එහි සභාපති රෙමිජියස් ඒ හෙන්සීල් හා ජිනීවා මහ සභාවාරයේ සභාපති වුක් ජෙරමික් හා මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය සභාව ඇමැතූහ. කොමසාරිස් නවනීදම් පිල්ලේගේ පළමු කතාවේදීම ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි විවේචනයක් කරමින් ශ්‍රී ලංකා යුද්ධයේදී විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවූ බවත්, ඒවාට සම්බන්ධ අණදුන් ඉහළ පෙළේ නිලධාරීන් නීතිමය කටයුතුවලින් බේරී ජීවත්වන බවත් පැවැසුවාය. ඇමැති සමරසිංහ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශයක් සිදු කරන අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද මේ ඉහළ පෙළේ සැසිවාරයට සහභාගි වීමට නියමිතය. |
ක්‍රීඩා සදහා යොමුවන දරුවන්ට වෛද්‍ය පරීක්ෂණ
|
වලට අනූව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රීඩා ඉසව් සදහා යොමු වන දරුවන් හට මූලික වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගැනීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙන ලෙසයි |
Tuesday, February 26, 2013
Subscribe to:
Posts (Atom)





