වෙලා

Thursday, February 28, 2013

පේරාදෙණි-වයඹ සරසවිවලින් මදුරු මර්දනයට රසායනික සංයෝගයක්



ඩෙංගු මදුරුවන් ඇතුළු අනෙකුත් මදුරුවන් 
පහසුවෙන් මර්දනය කළ හැකි රසායනික 
සංයෝගයක් හඳුන්වා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
 පශු වෛද්‍ය පීඨය හා වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලන,
 පක්ෂි විද්‍යාපීඨයේ ආචාර්යවරු පිරිසක් සමත්ව සිටිති.

මොස්කිල් නමින් හඳුන්වන මේ රසායනික සංයෝගය මඟින්
 මදුරු කීට සියයට 100ක් විනාශ කළ හැකි බව දැනට
 සොයාගෙන තිබේ. මදුරුවන් මර්දනය කළහැකි නව රසායනික 
සංයෝගය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය 
මඟින්ද දැනට අත්හදා බැලීමක් කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ 
ආචාර්ය අනුර ජයසූරිය හා වයඹ විශ්වවිද්‍යාලයේ 
සත්ත්ව පාලන පක්ෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ
 යන මහත්වරු විසින් මේ නව සොයා ගැනීම කරන ලදී.

No comments:

Post a Comment