වෙලා

Wednesday, February 6, 2013

ළමා රෝහලේ දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන දරුවන්ට අධ්‍යාපනය රෝහලේ දී ම


 රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්නා පාසල් දරුවන්ට රෝහල තුළ දී ම අධ්‍යාපන කටයුතු හැදෑරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

යම් යම් රෝගී තත්ත්වයන් සඳහා දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගන්නා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රෝගී තත්ත්වය නිසා කඩාකප්පල්වීම එම දරුවන් මුහුණපාන ගැටලුවක් බවට පත්ව තිබේ.
මේ නිසා කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය අමත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය ක‍රන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

No comments:

Post a Comment