වෙලා

Friday, February 1, 2013

අචලාට ලක්ෂ 50ක කෘත්‍රිම අතක්



කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඩබ්ලිව්.කේ. අචලා
ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ කපා දමනු ලැබූ අත වෙනුවට
 අති නවීන ඉහළ තාක්‍ෂණයෙන් යුත් කෘත්‍රිම අතක්
ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා
උසස් අධ්‍යාපන අමාත්‍යංශයට නියම කරයි.


මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට
කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමෙන් පසු
 අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා
 දැමීමට සිදුවීම ගැන සැලවූ වහාම තමන් ඇමතූ
 ජනාධිපතිවරයා සිදුවීම ගැන වහා සොයා බලන
ලෙසත් කෘත්‍රිම අත් නිපදවන ලෝකයේ හොඳම
 සමාගමකින් අති නවීන කෘත්‍රිම අතක් ලබාදීමටත්
වහා කටයුතු කරන්නැයි උපදෙස් දුන් බව
උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.


එංගලන්තයේ කෘත්‍රිම අත් නිපදවන
සමාගමකින් නවීන තාක්‍ෂණයෙන්
හෙබි අතක් ලබාගැනීමට අමාත්‍යංශය
මේ වන විටත් මූලික කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීය.


ඇඟිලි පවා ක්‍රියාකරවිය හැකි පරිදි ඉහළම
තාක්‍ෂණයකින් යුත් මේ අත නිපදවීමට
අචලා ප්‍රියදර්ශනිට අවශ්‍ය අතේ ප්‍රමාණය
පිළිබඳ විස්තර සමාගමට දැන්වීමට කටයුතු
කළ බවද ඇමැතිවරයා කීවේය. මෙම අත
ලබාදීම පිණිස අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු
 අනෙකුත් සියලු පහසුකම් ලබාදීමටද
ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇති බවද
ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.





No comments:

Post a Comment