පාසල්වල විවිධ හේතු මූල්කර ගනිමින් අයථා ලෙස කරනු ලබන මුදල් එකතු කිරීම් පිළිබඳ දැනුම් දෙන ලෙස 'දූෂණ විරෝධී හඬ' සංවිධානය පවසයි. සිසු දරු දැරියන්ගෙන් පාසලේ නියමිත ගාස්තුවට අමතරව කරනු ලබන අයකිරීම් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කර ඒ පිළිබඳ අදාළ නීතිමය ක්රියාමාර්ග ගැනීමට එම සංවිධානය පියවර ගන්නා බව එම සංවිධානයේ සම කැඳවුම්කරු පවසයි. එම අමතර මුදල් ගෙවීම් කර ඇති බිල්පත්, මුදල් කුවිතාන්සි ආදී ලිඛිත ලියකියවිලිද ඉදිරිපත් කරන ලෙසට මවුපියන්ගෙන්ඉල්ලා සිටියි. ඒ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට කඩිනමින් කටයුතු කිරීමට එම සංවිධානය පියවර ගන්නා අතර, එම පැමිණිලි හා කරුණු විමසීම් අංක 12/2, වීර මාවත, බත්තරමුල්ල, යන ලිපිනයෙන්ද, 0112 884410 යන ෆැක්ස් මාර්ගයෙන්ද, 0773 029004 යන ජංගම දුරකතන අංකය මාර්ගයෙන් කළ හැකිය. |
වෙලා
Monday, February 11, 2013
පාසල්වල අයථා ලෙස මුදල් එකතු කළොත් 0773 029004 ටි දැනුම් දෙන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment