අඟල් හයක් පමණ ඉහළින් පසාරු කර ගෙන යන ලෙස ඇනී තිබූ හෙල්ලයක් සැත්කමකින් පසු සාර්ථක ලෙස ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි බද්ධ කිරීමේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍යවරු සමත් වූහ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් මෙම සැත්කම සිදු කොට ඇත. මෙසේ සැත්කමට භාජන වූයේ මාතර තලල්ල උතුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.එල්. හංසනී දිල්රුක්ෂි (16) නමැති පාසල් සිසුවියකි. |
No comments:
Post a Comment