වෙලා
Wednesday, February 20, 2013
ප්රභාගේ පුත් බාලචන්ද්‍රන්ගේ අවසන් මොහොතේ ඡායාරූප 2ක් ලන්ඩනයේ පුවත්පතක
වේළුපිල්ලේ ප්රභාකරන්ගේ බාල පුත් "බාලචන්ද්‍රන්" ශ්‍රී ලංකා හමුදාවලට භාර වී සිටින අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් බි්රතාන්යයේ පළවන “The Independent” පුවත්පත පෙරේදා (18 දා) පළ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මානව හිමිකම් සැසිවාරයට සති කීපයක් පමණක් තිබියදී ශ්‍රී ලංකා යුද හමුදාවන් යුද අපරාධ කළ බවට විවිධ ජාත්‍යන්තර පාර්ශ්ව එල්ල කරන චෝදනා තහවුරු කිරීම සඳහා නිර්මාණය කර ඇති “No Fire Zone” නම් වූ වාර්තාමය චිත්‍රපටයේ මෙම ඡායාරූප ඇතුළත් කර ඇති බව එම පුවත්පත සඳහන් කර තිබේ.
ලබන මාර්තු මුල් සතියේදී ආරම්භවීමට නියමිත මානව හිමිකම් සැසිවාරය අතර තුර බි්රතාන්ය ජාතික කැලම් මැක්රේ නම් සම්මානලත් වාර්තා චිත්‍රපට අධ්යක්ෂවරයා විසින් නිපදවන ලද මේ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ බාලපුත් බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදාවලට භාර වී සිටින ඡායාරූප පෙළක් හා ඉන්පසුව ඔහු වෙඩි තබා මරා දමා ඇති අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක ඡායාරූප කීපයක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පැවැසේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment