වෙලා

Tuesday, February 19, 2013

මොළේ උණ පැතිර යෑමේ අවදානමක්





 මොළයේ උණ හෙවත් 'ජැපනීස් එන්සෆලයිටීස්' රෝගය
 දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක පැතිර යමින් තිබෙන බැවින්,
එම රෝගය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත ලබාගැනීම
අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
 මේ වනවිට රත්නපුර, කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල
 මොළයේ උණ රෝගය පැතිර යන බව වාර්තා වේ.

රත්නපුර ප්‍රදේශයෙන් පමණක් මේ වනවිට මොළයේ උණ
රෝගීන් 50කට අධික සංඛ්‍යාවක් ගැන වාර්තා වී ඇතැයි
සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මොළයේ උණ රෝගය වළක්වන
 ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යළි සක්‍රිය කරමින් වසර 10කට
අඩු ළමයින්ට මේ දක්වා එම එන්නත ලබාදී නොමැති නම් වහාම
 එම එන්නත ලබාගන්නැයි මවුපියන්ට දැනුම් දීමක් කරන
සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගය දැනට වාර්තා වී ඇති අවදානම් ප්‍රදේශවල වැඩිහිටියන්ටත් එම එන්නත ලබාගන්නැයි ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment