වෙලා

Wednesday, February 27, 2013

මහින්ද අද සමුළුව අමතයි




 මහින්ද සමරසිංහ මහතා අද (27දා) ජිනීවාහි පැවැත්වෙන
 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්
කරුණු දැක්වීමට නියමිතය.

පෙරේදා (25දා) ආරම්භ වූ 22 වැනි මානව හිමිකම්
සැසිවාරයේදී මුලින්ම එහි සභාපති රෙමිජියස් ඒ හෙන්සීල්
හා ජිනීවා මහ සභාවාරයේ සභාපති වුක් ජෙරමික් හා
මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය සභාව ඇමැතූහ.

කොමසාරිස් නවනීදම් පිල්ලේගේ පළමු කතාවේදීම
ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි විවේචනයක් කරමින්
ශ්‍රී ලංකා යුද්ධයේදී විශාල වශයෙන් මානව හිමිකම්
උල්ලංඝනයවීම් සිදුවූ බවත්, ඒවාට සම්බන්ධ අණදුන්
ඉහළ පෙළේ නිලධාරීන් නීතිමය කටයුතුවලින් බේරී ජීවත්වන බවත් පැවැසුවාය.

ඇමැති සමරසිංහ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන්
නිල ප්‍රකාශයක් සිදු කරන අවස්ථාව සඳහා
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
 රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු නියෝජිත
පිරිසක්ද මේ ඉහළ පෙළේ සැසිවාරයට සහභාගි වීමට නියමිතය.




No comments:

Post a Comment