මෙවර සති අන්ත නිවාඩුවත් සමඟ 24දා දහවල් වන විට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳපුදා ගන්නට ලක්‍ෂ හතරකට වැඩි පිරිසක් පැමිණි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පවසයි. මෙවර වන්දනා වාරය ආරම්භ වීමෙන් පසුව පැමිණි වැඩිම වන්දනාකරුවන් පිරිසක් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් පැමිණ ඇත්තේ ඉකුත් සතියේ බව නල්ලතන්නිය පොලිසිය පවසයි. ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන නල්ලතන්නිය - මස්කෙළිය මාර්ගයේ හා නල්ලතන්නිය - නෝටන්බි්‍රජ් මාර්ගයේ කි.මීටර් 20ක් පමණ දුරට මාර්ගය දෙපස ගාල්කර තිබිණි. . අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමඟ නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ 'ඉදිකටුපහන' හා 'මහගිරිදඹ' ප්‍රදේශයේ තදබදයක් ඇතිවීම හේතුවෙන් බොහෝ වන්දනාකරුවන් පිරිසකට ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට නොහැකිව ආපසු ගම්බිම් බලා ගමන් කරන අයුරු දැකගත හැකිවිය. |
වෙලා
Monday, February 25, 2013
සිරිපා වඳින්න සති අන්තයේ ලක්ෂ 4ක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment