අද (28දා) දිනයේ ශ්‍රී ලංකාවාසීන්ට ඡායා
චන්ද්‍රග්‍රහණයක්
දැකගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
නැඟෙනහිර ක්‍ෂිතිජයෙන් සඳ උදාවත් සමඟ මේ
ඡායා චන්ද්‍රග්‍රහණය ඇතිවේ.
වෙලා
Wednesday, November 28, 2012
උතුරේ නීතිඥ සහාය අගවිනිසිරුවරියට
වව්නියාව,කිලිනොච්චිය,මන්නාරම,මුලතිව් වල නීතිඥවරුන් අගවිනිසිරුවරියට එරෙහිව ගොනුකළ දෝෂාභියෝගයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුකරන බව සහ එයින් එම නීතිඥවරුන් අගවිනිසිරුවරියට සහාය පළකිරීම සිදුකරන බව වාර්තා වෙයි. |
Monday, November 26, 2012
කොටුව කච්චේරියේ ගින්නක්
වෑල්ලවීදිය ස්ථානයේ පිහිටි කොළඹ කච්චේරි ගොඩනැගිල්ලේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන මධ්‍යස්ථානය ප්‍රකාශ කරය. . |
මාතර දී අතුරුදන් වූ වෛද්‍යවරිය අනුරාධපුරයේ
අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේදී හමුවී ඇත. පොලිසිය පවසන ආකාරයට මෙම වෛද්‍යවරිය පූජා කටයුත්තක් සදහා අනුරාධපුරය ට ගොස් ඇත. |
Saturday, November 24, 2012
මේ වසරේ ලංගමයේ පාඩුව ..?
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වසරේ පාඩුව රුපියල් කෝටි 6,000ක් බව ශ්‍රී ලංගම විධායක නිලධාරි ආර්. වී. ඩී. ජයතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 23දා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. ශ්‍රී ලංගමය මේ තරම් අලාභයක් ලැබීමට හේතුව ආර්ථිකමය නොවන මාර්ගවල බස්රථ 2,000ක් ධාවනය කිරීම හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ 3ක් සඳහා වාර ප්‍රවේශපත්‍ර ලබාදීම බව ඔහු සඳහන් කළේය. එසේම සාමාන්‍ය මගීන් සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදීත් ලංගමට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බව සඳහන් කළ ඒ මහතා ලංගම ලබන ආදායමෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා බවද ප්‍රකාශ කෙළේය. |
Friday, November 23, 2012
අගවිනිසුරුවරිය ගැන පරීක්ෂණ දෙසැම්බර් 4 වනදා දක්වා කල්තැබේ
අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක
මහත්මියට
විරුද්ධව එල්ල කරන ලද දෝෂාභියෝගය ගැන විමසා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුව අද දිනයේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 4 වනදා දක්වා කල් තැබීමට තීරණය කොට ඇත |
Hero dog saves baby from kidnapping
A kidnapping attempt was thwarted
in Indianapolis on Tuesday when a family's dog stopped an armed
would-be kidnapper from leaving the family's home.
Police say a man and a woman
broke into the home of Nayeli Garzon-Jimenez through the back door while
her husband was at work. Garzon-Jimenez was on the phone with her
husband, Adolfo Angeles-Morales, at the time of the break-in.
Thursday, November 22, 2012
ආරක්ෂක ලේකම් ගෝඨාභයට මිලියන 250ක වන්දියක්
ආරක්ෂක ලේකම්
ගෝඨාභය මහතා වෙත
මිලියන 250ක වන්දියක් ගෙවන ලෙස
ලීඩර් පුවත්පත් සමාගම සහ සන්ඩේ
ලීඩර් කතෘ වෙත
ගල්කිස්ස අධිකරණය විසින් නියෝග කර සිටිය.
|
Sri Lanka’s maiden satellite launch delayed by five days
Sri Lanka’s maiden satellite launch has
been delayed by five days due to technical difficulties and weather conditions,
Space Systems Engineer Rohitha Rajapaksa stated.
The Supremesat’s engineers are working with
the Chinese engineering team to fix these issues at the moment while he stated
that a new launch time will be announced by tomorrow (November 23).
Sri Lanka’s maiden satellite was scheduled to
be launched today (November 22).
Wednesday, November 21, 2012
වැල්ලවායට රතු වර්ෂාවක්
වැල්ලවාය ප්‍රදේශයට විනාඩි 15 ක් පමණ කාලයක් රතු වර්ෂාවක් හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.
Get Set ....22 nd
The first Sri Lankan communication satellite is scheduled to launch on 22 of November, 2012.
The satellite, which would
be launched at 09:30 pm local time, would be shot to the space by a
Chinese rocket from the Xichang Satellite Launch Centre and would be
eventually established in the space above Sri Lankan waters.
The life span of the new satellite which proudly displays Sri Lankan and Chinese flags is 15 years.
Monday, November 19, 2012
දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ හීන බොඳ වන ලකුණු
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක දෘශ්‍යබධිතයින්ගේ ක්‍රිකට් තරඟාවලිය සඳහා
සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට
එම සංචාරය සඳහා අනුග්‍රාහකයෙක් නොමැති වීම නිසා ,එම සංචාරය අහිමි වීමේ තත්ත්වයකට
මුහුණ දී සිටී .මීට පෙර පැවති ලෝක දෘශ්‍යබධිතයින්ගේ ක්‍රිකට් තරඟාවලියකදී ඔවුන්
අවසන් වටයටද සුදුසුකම් ලබා තිබේ .
Sunday, November 18, 2012
දරුණු ගණයේ සිරකරුවන් දූපතකට
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපුව ප්‍රදේශයේ මුහුදෙන් වට වූ දූපතක පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යෑමට පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කොට තිබේ. ඒ අනුව එම සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරදඬුවම් විඳින සිරකරුවන්ද ඇතුළු දහසක් පමණ ප්‍රථම පියවර වශයෙන් එම දූපතට ගෙනයෑමට සැලැසුම් කර ඇත.සිරදඬුවම් විඳින සිරකරුවන්ට පිටස්තර පුද්ගලයන් සමඟ ජංගම දුරකතන මාර්ගයෙන් සබඳකම් පැවැත්වීමට නොහැකි අයුරින් එම දුරකතන සබඳතා මකා දැමීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
Friday, November 16, 2012
Tuesday, November 13, 2012
ලොව සංචාරක පාරාදීස-5 අතරට ලංකාවත්
ලොව සංචාරක “පාරාදීස-පහ” අතරට යුද්ධයක නිමාව සනිටුහන් කරන ශ්‍රී ලංකාවද නම් කරනු ලැබ ඇත. සංචරණ ප්‍රවර්ධන අධිකාරිය පවසන අන්දමට එම ලැයිස්තුවට අඩංගු සෙසු රටවල් හතර වනුයේ මැක්සිකෝව, මලයාසියාව, ඉන්දුනීසියාව හා ආර්ජන්ටිනාවයි.ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය හිමිවී ඇත්තේ “වර්ල්ඩ් ට්‍රැවල් මාර්ට්” (ඩබ්ලිව්.ටී.එම්.) ආයතනය විසින් හුවා දක්වා ඇති ප්‍රධාන සාධක තුනක් පදනම් කොට ගෙනය. ඒවා නම් සිවිල් යුද්ධයකින් පසුව ගොඩනැඟෙමින් පවතින රටක් වීම, යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ ගමනාන්තයේ සුන්දරත්වයයි.
Tuesday, November 6, 2012
දන්න යකා ගැන නොවෙයි මේ
1947 මාර්තු 12 වැනිදා ඩිට්‍රොයිට් හි උපත ලැබූ මිට් රොම්නි , මිචිගන්හි හිටපු ආණ්ඩුකාර ජෝර්ජ් රොම්නි ගේ පුත්‍රයාය . ඈන් ඩේව්ස් හා විවාහ වුන ඔහුට දරුවන් 5 දෙනෙකි .නීති උපාධිදරයකු වන රොම්නි බේන් කැපිටල් ඇසෙස්ට් මැනේජ්මන්ට් සමාගම පිහිටුවමින් මිලියනපතියෙකු විය .ඔහු තම දේශපාලන ගමන අරඹන්නේ 1994 දීය . මුලදී ඩිමොක්රෝටික් අපේක්ෂක ටෙඩ් කෙනඩි ට පරාජයට පත් වුවත් පසුව මැසචුසෙට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා පත් වීමට රොම්නි ට හැකිවේ . එහෙත් 2008 දී ඔහුට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූයේ නැත .
අවසානයේ 2012 වසරේ බරක් ඔබාමාගේ ප්‍රතිවාදිය වන්නේ මිට් රොම්නි ය .ඔහුත් ඔබාමාත් අතර පැවති පළමු විවාදයෙන් පසුව , රොම්නි ඉහළ ප්‍රතිචාර ලැබූ බව නම් නොරහසක් .
Saturday, November 3, 2012
හෙජින් පරාදයි ලු
අ.ඩො.මිලියන 60 ක හෙජින් ගනුදෙනුවට අදාළ නඩුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරාජයට පත්ව ඇතැයි පැවසේ . ඒ අනුව අත්තනෝමතික ලෙස හෙජින් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් Deutsche බැංකුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අ.ඩො.මිලියන 60.3 ක වන්දියක් සමග අයවිය යුතු පොලී මුදලද ගෙවිය යුතු බවට අමෙරිකානු අධිකරණයක් විසින් අද (02) නියෝග කර ඇත .
Subscribe to:
Posts (Atom)