වෙලා

Saturday, November 24, 2012

මේ වසරේ ලංගමයේ පාඩුව ..?





ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වසරේ පාඩුව 
රුපියල් කෝටි 6,000ක් බව ශ්‍රී ලංගම විධායක නිලධාරි 
ආර්. වී. ඩී. ජයතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  
23දා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. ශ්‍රී ලංගමය මේ තරම් අලාභයක්
ලැබීමට හේතුව ආර්ථිකමය නොවන මාර්ගවල බස්රථ 2,000ක් 
ධාවනය කිරීම හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ 3ක් සඳහා වාර 
ප්‍රවේශපත්‍ර ලබාදීම බව ඔහු සඳහන් කළේය. එසේම සාමාන්‍ය මගීන්
සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදීත් ලංගමට විශාල පාඩුවක් 
දැරීමට සිදුව ඇති බව සඳහන් කළ ඒ මහතා ලංගම ලබන
ආදායමෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ ඉන්ධන සඳහා
බවද ප්‍රකාශ කෙළේය.






No comments:

Post a Comment