වෙලා

Tuesday, November 6, 2012

දන්න යකා ගැන නොවෙයි මේ


1947 මාර්තු 12 වැනිදා ඩිට්‍රොයිට් හි උපත ලැබූ මිට් රොම්නි , මිචිගන්හි හිටපු ආණ්ඩුකාර ජෝර්ජ් රොම්නි ගේ පුත්‍රයාය . ඈන් ඩේව්ස් හා විවාහ වුන ඔහුට දරුවන් 5 දෙනෙකි .නීති උපාධිදරයකු වන රොම්නි බේන් කැපිටල් ඇසෙස්ට් මැනේජ්මන්ට් සමාගම පිහිටුවමින් මිලියනපතියෙකු විය .ඔහු තම දේශපාලන ගමන අරඹන්නේ 1994 දීය . මුලදී ඩිමොක්රෝටික් අපේක්ෂක ටෙඩ් කෙනඩි ට පරාජයට පත් වුවත්  පසුව මැසචුසෙට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා පත් වීමට රොම්නි ට හැකිවේ . එහෙත් 2008 දී ඔහුට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූයේ නැත .
අවසානයේ 2012 වසරේ බරක් ඔබාමාගේ ප්‍රතිවාදිය වන්නේ මිට් රොම්නි ය .ඔහුත් ඔබාමාත් අතර පැවති පළමු විවාදයෙන් පසුව , රොම්නි ඉහළ ප්‍රතිචාර ලැබූ බව නම් නොරහසක් .

No comments:

Post a Comment