වෙලා
Monday, December 10, 2012
singer Jenni Rivera dies in plane crash
Mexican-American singer Jenni Rivera died
in a plane crash Saturday night,
her father and brother confirmed on Telemundo.
The wreckage of the plane was found Sunday
in northern Mexico with no apparent survivors, authorities said.
The wreckage was found in the Ejido La Colorada,
Municipality of Nuevo Leon. Gerardo Ruiz Esparza,
secretary of communications and transport,
said that the plane was not recognizable,
but the evidence suggested
it was the aircraft carrying the singer, Telemundo reported.
නීතිඥ සංගමය හදිසි මහ සභාවක් කැඳවයි
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වූ අයුරු හා ඉදිරියේදී ගතයුතු තීන්දු හා තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සෙනසුරාදා (15දා) විශේෂ මහසභා රැස්වීමක් කැඳවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. සෙනසුරාදා (8දා) පැවැති ප්‍රාදේශීය නීතිඥ සංගම් නිලධාරීන්ගේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීන්ද එක් වූ අතර එහිදී පවතින තත්ත්වය හමුවේ නීතිඥයන් වශයෙන් ගතයුතු විරෝධතා පියවර පිළිබඳ සාකච්ඡා කෙරී ඇත. මෙහිදී ජේයෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අගවිනිසුරුවරිය ඉවත් කිරීමට රජය තීරණය කළහොත් ඉන්පසු අගවිනිසුරුවරයා ලෙස කවුරුන් පත් කළත් ඔහු හෝ ඇය පිළිගැනීමට නීතිඥවරුන් ක්‍රියා නොකළ යුතු බවයි. එමෙන්ම නව අගවිනිසුරුවරයකු පත් කළහොත් ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ අගවිනිසුරු හැටියට නොපිළිගන්නා ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටීමටත් මෙහිදී යෝජනා වී තිබේ. |
අම්පාරේ තවත් භූ-චලනයක්
|
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාසයක පමණ කාලයක් තිස්සේ විටින් විට සිදුවන පිපුරුම් හඬක් සමඟ සිදුවන භූ චලන අතරින් වැඩිම අගයක් ගත් භූ චලනයක් පෙරේදා (8දා) සවස 6.55ට සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ භූ විද්‍යාඥයන් පිරිසක් කොළඹ සිට 4දා අම්පාරට පැමිණ සිටින අතර එම කණ්ඩායම පැමිණි පසු දමන ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම භූ චලන සිද්ධිය මෙය බව කියති. |
ජාතික සෞඛ්‍ය සතිය අද සිට
Thursday, December 6, 2012
රත්නසිරි වික‍්‍රමනායකට අගමැති ධුරය
හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන
රත්නසිරි වික‍්‍රමනායක මහතා නැවත වතාවක් අග‍්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමට
යන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති දි.මු. ජයරත්න මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් එම
තනතුරින් හා ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධූරයෙන්ද ඉවත්වීමට තීරණය කර ඇති බව
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම්දීමට යන බවද දැනගන්නට ඇත.
Tuesday, December 4, 2012
දුම්රිය වර්ජනය කල් යයි
|
කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය දෙසැම්බර් 7 වනදා දක්වා කල්දමා ඇති බවට වාර්තා වේ. වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් මුල්කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වූ මෙම වැඩ වර්ජනය කල් තැබීමට ඔවුන් තීරණය කර ඇත්තේ මේ පිලිබඳ වැටුප් හා සේවක කොමිෂන් සභාව සමග හා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ප්‍රකාශ කර සිටියේය. |
Monday, December 3, 2012
Subscribe to:
Posts (Atom)






