වෙලා

Tuesday, December 4, 2012

දුම්රිය වර්ජනය කල් යයි


දුම්රිය සේවකයින් විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක 
කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය
 දෙසැම්බර් 7 වනදා දක්වා කල්දමා ඇති බවට වාර්තා වේ. වැටුප් 
වැඩි කිරීමේ ඉල්ලීම් මුල්කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත
 වූ මෙම වැඩ වර්ජනය කල් තැබීමට ඔවුන් තීරණය කර ඇත්තේ 
මේ පිලිබඳ වැටුප් හා සේවක කොමිෂන් සභාව සමග හා
 ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමග පැවැත්වූ 
සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට දුම්රිය 
දෙපාර්තමේන්තුවේ ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ 
කැඳවුම්කරු ප්‍රකාශ කර සිටියේය.

No comments:

Post a Comment