ශ්‍රී පාද වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් (27දා) ආරම්භ වී ලබන වසරේ වෙසක් පුන්පොහෝ දිනයෙන් නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඬුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. අද (26දා) පෙරවරුවේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව හා ඓතිහාසික සමන් දේව ප්‍රතිමා විශේෂ රිය පෙරහරකින් රත්නපුර මහ සමන් දේවාලය වෙත වැඩම කෙරේ. එහිදී පැවැත්වෙන පුද පූජාවලින් අනතුරුව පෙරහර යළි රත්නපුරයට පැමිණ දෙදිසාවකට බෙදී රත්නපුර ශ්‍රී පළාබද්දල රජ මාවත ඔස්සේ එක් සමන් දෙවි රුවක් සහ එම දේවාභරණ ඇතුළු පූජා භාණ්ඩ ශ්‍රී පාද මළුව දක්වාද අනෙක් සමන් දෙව්රුව හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහර ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල, ගිනිගත්හේන, හැටන් හා මස්කෙළිය යන නගර හරහා නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය දක්වාද වැඩම කෙරේ. සධාතුක කරඬුව ඓතිහාසික සමන් දෙව් රූ හා දේවාභරණ උඳුවප් පුන්පෝ (27දා) දින පෙරවරුවේ යෙදෙන සුබ නැකතින් සුවඳ පැණින් දෝවනය කොට ඉන් අනතුරුව ශ්‍රී පාද ස්ථානයේ උඩමළුවේ පිහිටි සමන් දේවාලයේ ඒවා තැන්පත් කිරීමෙන් පසුව සිරිත් පරිදි මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරේ. |
වෙලා
Wednesday, December 26, 2012
සිරිපා වන්දනා සමය ඇරඹේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment