වෙලා

Friday, December 21, 2012

22දා සිට දැඩි සුළං-මහවැසි




හෙටින් (22දා) පසු රට පුරාම ගිගුරුම් සහිත මහ වැසි හා දැඩි සුළං සහිත
තත්ත්වයක්
ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය ඊයේ හා අද (21දා)
යම් තරමකින් පහවී යන බවද උතුරු-නැඟෙනහිර, උතුරු මැද, උෟව යන
ප්‍රදේශවල අද තරමක වැසි පවතිනු ඇති අතර සෙසු ප්‍රදේශවල එවැනි
තත්ත්වයක් ඇති නොවන බවත් කාර්යබාර කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසයි.

නැඟෙනහිර මුහුද, මන්නාරම් බොක්ක හා ගිනිකොනදිග මුහුද රළු වන
බවද ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් උතුරු නැඟෙනහිර, උෟව,
උතුරුමැද ප්‍රදේශවල මේ තද වැසි සහිත තත්ත්වය ඇති වූ බවත්
22 වැනිදායින් පසු නැවත එය වර්ධනය වන බවහෙටින් පසු රට
පුරාම බලපාන වැසි හා සුළං සවස් වරුවේ වැඩිවන බවද
එම නිවේදනයේ සඳහන් .
නායයෑමේ තර්ජනයට ලක්වී, අවදානම් කලාප බවට ප්‍රකාශයට
පත් කර ඇති ප්‍රදේශවල හටගෙන ඇති නායයෑම් තවමත් සක්‍රියව
පවතින බැවින් එම ප්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙස
ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මාතලේ, රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකොලඔය
ප්‍රදේශයේ පවතින නායයෑමේ දරුණු තත්ත්වය මේ වනවිටත්
එලෙසින්ම පවතින බවද, අධික මීදුම නිසා, ගොඩනැඟිලි පර්යේෂණ
ආයතනයේ නිලධාරීන්ට එම කඳු ප්‍රදේශයට යෑමට අපහසු තත්ත්වයක්
පවතින බවද එම ආයතනයේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශයේ
ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවැසීය.

එම නායයෑමෙන් ඔය හරස් වී ඇති බවද නායයෑමට ගොදුරු වූ නිවාස
සංඛ්‍යාව කොපමණද යන්න හරිහැටි නිශ්චය කිරීමට තොරතුරු දන්නා
අයකු නොමැති බවද සඳහන් කළ බණ්ඩාර මහතා, එම ප්‍රදේශයේ
ආරක්ෂාවට කළ යුතු දේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් රත්තොට
ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දෙන බවද පැවැසීය.

නායයෑම්වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඳු ආශි්‍රත ප්‍රදේශවල
අවිධිමත් අන්දමින් සිදුකර ඇති ඉදිකිරීම් බවද, ඉවුරු කඩා වැටීම් නිසා
අනතුරු බොහොමයක් සිදුවී ඇති බවද බණ්ඩාර මහතා කීවේය.

No comments:

Post a Comment