වෙලා

Friday, January 18, 2013

දෝෂාභියෝගය නිසා ලංකාවට අවාසියි




හිටපු අගවිනිසුරුවරියට එරෙහිව සම්මත කළ දෝෂාභියෝගය
 ලංකාවේ ස්වාධීන අධිකරණ පද්ධතිය අනතුරේ හෙළීමට
 සමත් විය හැකි බවත් එමඟින් ඉදිරියේ
ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම අපහසු
විය හැකි බවත් ලංකාවේ අමෙරිකා තානාපති මිෂෙල් සිසන්
මහත්මිය අවධාරණය කළාය.

 'විදේශ ආයෝජකයන් තමන්ගේ ඉදිරි ආයෝජන පිළිබඳ 
තීරණ ගැනීමට පෙර ලංකාවේ පවතින නීතිය, 
ස්වාධිපත්‍යය ගැන තක්සේරු කර බැලීම රහසක් නොවෙයි."
 ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය 
අතර බලය බෙදීමේ විවිධ ගැටලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන 
කෙරෙහි යම් උෟන බලපෑමක් පැවැතීම ආදිය ද මේ 
දෝෂාභියෝග යෝජනාව සම්මතවීම මඟින් පෙනෙනවා.
 මහජනයාගේ සහ රජයේ ශක්තිමත් දේශපාලන අරමුණු 
ඉටුකරන කාර්යක්‍ෂම නීති පද්ධතියක් ලංකාවේ තිබිය යුතුයි.
 නීතියේ ආධිපත්‍යය ලංකාවේ ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළකට 
අමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (ධ්.ච්.ධ්.)
රුපියල් කෝටි 58ක් පමණ වැය කරනවා "

No comments:

Post a Comment