වෙලා

Thursday, January 3, 2013

දොළොස් වරක් සිනාසි - වතුර වීදුරු අටක්


මානසික ආතතියෙන් මිදීම සඳහා
සතුට උපදවන 'එන්ඩොපීන්' නම් හෝමෝනය
ශරීරයේ වැඩිපුර නිපදවාගැනීම පිණිස
දිනකට වතුර වීදුරු අටක්වත් පානය කිරීම
හා ‍ෙදාළොස් වතාවක්වත් හොඳින් සිනාසීම
ඇතුළු සතුටුදායක කටයුතුවල නිරත විය යුතු බව
සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

වත්මන් සමාජයේ බහුල වශයෙන්
දක්නට ලැබෙන රෝග තත්ත්වයක් වන
මානසික ආතතිය දිගටම පැවැතීම හේතුවෙන්
වෙනත් රෝග රැසක් වැලඳීමේ අවදානමක්
පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ
මානසික සෞඛ්‍ය ඒකකය පෙන්වා දෙයි.

නිතර සිනහ මුහුණින් සිටීම නැතහොත්
 ‍ෙදාළොස් වාරයක්වත් හොඳින් සිනාසීම,
තමාට ලැබී ඇති දේවල් ගැන සතුටුවීම,
ශාරීරික ව්‍යායාම, භාවනාව, ගැඹුරින් හුස්ම ගැනීම,
සංගීතයට සවන්දීම, ස්වභාවධර්මයේ සුන්දරත්වය රස විඳීම,
 පෝෂ්‍යදායී ආහාරපාන එළවළු, පලතුරු
වැඩිපුර ආහාරයට ගැනීමද
එන්ඩොපීන් හෝමෝනය වැඩිපුර නිපදවා ගතහැකි බවද
මානසික සෞඛ්‍ය ඒකකය පවසයි.

No comments:

Post a Comment