වෙලා

Thursday, August 30, 2012

ඔබාමා එක්ක On line chat

මම බරක් ඔබාමා ම තමයි



Reddit.com හරහා on line chat හා සම්බන්ධ වෙමින් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, සිය රට වැසියන් පුදුමයට පත් කරනු ලැබුවා.ඒ පසු ගිය බදාදා යි.
Hi .... I ' m Barak Obama , President of the United States .Ask me anything - ඔහු සටහන් කර ඇත.ඒ සමගම තමා සැබෑ ඔබාමා බව සහතික කිරීමට සිදු වී ඇති අතර ඒ සඳහා ඔහු විසින් තමා පරිගණකයේ ටයිප් කරන අයුරු දැක්වෙන චායාරූපයක් ලබා දී තිබෙනවා.
ඒ සමගම ප්‍රශ්න 10,000 කටත් වඩා යොමු වී ඇති අතර ඔහු එයින් ප්‍රශ්න 10 කට පිළිතුරු ද ලබා දී තිබෙනවා.

යළි ඉපදුන ඩයනා ස්පෙන්සර්






සුරූපී ඩයනා ලොවින් සමුගෙන 15 වැනි වසර සපිරෙද්දී ස්පෙන්සර් පවුලට තවත් " ඩයනා " කෙනෙක් එකතු වී තිබෙන බව දැන ගැනීමෙන් තවමත් ඩයනාට ආදරය කරන පිරිස් සතුටින් ඉපිල ගොස් සිටිනවා. තම සොයුරියගේ වියෝවින් තවමත් සොවින් සිටින අර්ල් ස්පෙන්සර් තම උපරිම ගෞරවය ඇයට ප්‍රකාශ කිරීමක් වශයෙන් ඔහුගේ අලුත උපන් දියණියට "ඩයනා" නම තබා තිබෙනවා.
"   ඇය අපෙන් සමු අරන් වසර 15 ක් වුවත්, ගත වූ හැම දවසකම ඇය මට සිහි උණා. ඒ මතකය සදහටම තබා ගැනීමට මම මගේ අලුත උපන් දියණියට "  ඩයනා"   නම දැම්මා. ඇගේ නම "චාර්ලට් ඩයනා ස්පෙන්සර් "  අර්ල් ස්පෙන්සර් පවසනවා.

සහෝදරත්වයේ මංගලෝත්සවය



වෙල්ඩි පවුලේ එමිලි,සිඩ්නි,වෝකර් ,බ්‍රැඩ්ෆෝර්ඩ් සහ බ්රුක් එකම පවුලේ සහෝදර සහෝදරියන් 5 දෙනා එකම දිනකදී ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දේවස්ථානයකදී විවාහ දිවියට ඇතුලත් වුණා. මංගල ජෝඩු පහ වෙනුවන් සියලු චාරිත්‍ර එකටම සිදු කෙරුණු මෙම අපූරු මංගල උත්සවය සඳහා මෙසා හි ගුවන් හමුදා කෞතුකාගාරය සුදානම් කර තිබුනා.





සතුන් මරා බිලි පූජා එපා - ජනපති





ජනාධිපතිවරයා නියෝග කල හොත් පමණක් නියමිත බිලි පූජාවනවතන බව හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ ප්‍රධාන පූජකවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයාද ඊට මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ උත්සවය නිමිත්තෙන් රට තුල කිසිම හේතුවක් නිසා සතුන් මරා බිලි පූජා සිදු නොකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටින බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටිමිනුයි. 
එහෙත් ප්‍රධාන පූජකවරයා පවසන්නේ ජනාධිපතිවරයා එවන් දැනුම් දීමක් කර නොමැති බවයි. උසස් පොලිස් නිලධාරියෙක් පැමිණ ඉහත ප්‍රකාශය තමන්ට පවසා සිටියත් එය පිළිගත නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.
කෙසේ නමුත් අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කල ඉල්ලීම නිසා රටට සෙත් පතා සිදු කිරීමට නියමිත බිලි පූජාව සිදු නොකරන බව හලාවත මුන්නේශ්වරම් ශ්‍රී බද්‍රකාලි කෝවිලේ ප්‍රධාන පූජකවරයා කුරුක්කල් මුත්තු ශිවපාතසුන්දරම් පවසා සිටිනවා.

Wednesday, August 29, 2012

3 වැනි පාසල් වාරය සැප්. 3 ඇරඹේ



උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම නියමිත දිනයේදී සිදු නොකරන බැවින් , ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතව තිබූ පාසල්ද සැප්තැම්බර් 03 වැනි සඳුදා 3 වැනි වාරය සඳහා නැවත ආරම්භ කරන බව වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආසියාවෙන් එක







ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයිපෑඩ්(iPad) විද්‍යුත් පියාසර මෙවලම භාවිතා ලරන ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වේ .

Tuesday, August 28, 2012

නොරොච්චෝලේ තවත් දින 6ක් ඉල්ලයි


 


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියාව අවසන් කිරීමට තවත් දින හයක් අවශ්‍ය බව අදාළ චීන සමාගමේ ඉංජිනේරුවන් ලිඛිතව දන්වා ඇතැයි විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජේපාල මහතා පවසයි. අක්‍රියව පැවැති ටර්බයින් යන්ත්‍රය අලුත්වැඩියා කොට ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කරනවිට ට්‍රාන්ස්පොමරයේ දෝෂයක් ඇතිවීම නිසා එය අලුත්වැඩියා කිරීමට තවත් දින 6ක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

ඇමති මර්වින්ට මෙල්ල නැති පුජකයා


මර්වින් සිල්වා මහතාගේ තර්ජනයට බිය වී ලබන සැප්තැම්බර් පළමු වැනිදා යෝජිත බිලි පූජාව නවතා දැමීමට තමන් සූදානම් නැති බවත්,ජනාධිපතිවරයා නියෝග කළහොත් එය නැවත්වීමට තමන් සූදානම් බවත් හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ ප්‍රධාන පූජකවරයා කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජකවරයා පවසයි.

Monday, August 27, 2012

පහ වසර ශිෂ්‍යත්ව විභාගයත් ඉවර නැති හැඩයි

 
 
 
 
පහ වසර ශිෂ්‍යත්ව විභාහගයේ ප්‍රශ්න පත්‍රය විභාහගයට කලින් නිකුත් වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විභාග කොමසාරිස්වරයා විසින් පොලීසියට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. පොලිස්පතිතුමා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවද වාර්තා වෙයි.

Sunday, August 26, 2012

The moon will miss its first son of earth


මුල්වරට සඳ මත පා සටහන් තැබූ දැවැන්තයා... නීල් ආම්ස්ට්‍රෝන් ඊයේ මිය ගිය බව වාර්තා වේ.




" That's one small step for man, one giant leap for mankind "  1969 ජූලි 20 වන දින සඳ මත පියවර තැබූ නීල් ආම්ස්ට්‍රෝන් ...පෘතුවියේ දෑස් අයා බලා සිටි ලක්ෂ සන්ක්යාත මිනිසුන්ට ඇසෙන්නට පැවසූ වදන් පෙළයි.
මිය යන විට 82 වැනි වියේ පසු වූ නීල් ආම්ස්ට්‍රෝන් මේ මස මුලදී බයිපාස් සැත්කමකට මුහුණ දුන් බවත් ඉන් මතුවූ සංකූලතා මත ඔහුගේ මරණය සිදු වූ බවත් වාර්තා වේ.                

Friday, August 24, 2012

Culkinගේ ජීවිතයට මෙහෙම උනේ Home Alone චිත්‍රපටය නිසාවත්ද



සුප්‍රසිද්ධ Home Alone චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කෙවින් ගේ චරිතයට පණ පෙවූ Macaulay Carson Culkin ට දැන් වයස 32ක් කිව්වොත් ඔබට පුදුම හිතේවි . ඔහු ඉපදී ඇත්තේ 1980 අගෝස්තු 26 .


 Home Alone සහHome Alone 2 Lost in NewYork නිර්මාණ 2 ට සම්බන්ධ වීමත් සමග ඔහු ලොව පුරා ජනප්‍රිය චරිතයක් වුනා. ඒ විතරක් නොවෙයි බොහෝ චිත්‍රපට වලට ආරාධනාත් ලැබුණා. Richie Rich, Uncle Buck, My Girl, The Page Master, Party Monster ඔහු දායකත්වය ලබා දුන් ජනප්‍රිය නිර්මාණ අතරින් කීපයක් . මයිකල් ජැක්සන් ගේ Black or white ගීතයේ වීඩියෝ පටයට සම්බන්ධ වීමට ලැබීම Culkin සලකන්නේ තම ජිවිතයේ ලද සුවිශේෂම අවස්ථාවක් ලෙසයි . ඔහු ගැන කතා බහ වන්නේ Home Alone තිරගත වීමෙන් පසුව වුවත් ඔහු රඟපෑමට අවතීර්ණ වන්නේ එම චිත්‍රපටය හරහා නොවේ.ඔහුගේ පළමු රඟපෑම සිදුවන්නේ වේදිකාව මතයි . 80 දශකය තුල ඔහු චිත්‍රපට කිහිපයකම මෙන්ම The Midnight Hour වැනි නාට්‍ය වලත් රඟපෑවා. සුප්‍රසිද්ධ Home Alone (1990) සහ Home Alone 2: Lost in NewYork (1992) හි kevin McCallister ලෙස රඟපෑමත් සමග ඔහුගේ ජීවන මග බොහෝ ලෙස වෙනස් වනවා.බොහෝ නිර්මාණ හරහා ලොව පුරා සැරිසරන Culkin 2004 දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වනවා.


කෙසේ වුවත් මේ වන විට ඔහුගේ තත්ත්වය මෙම චායාරූප දකින අයෙකුට වටහා ගැනීම අපහසු නෑ.ඔහු අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වී ඇති බවත තමන් විහින් මරණය වෙත ලං වෙමින් සිටින බවත් වෙබ් අඩවි සහ මාධ්‍ය වාර්තා කරනවා. 

Wednesday, August 22, 2012

ජල රකුසාට බිලි වූ ඔලිම්පික් සිහිනය




සෝමාලියානු ඔලිම්පික් බලාපොරොත්තුවක් ඉතා අවාසනාවන්ත ලෙස අහිමිව ගියේ අදාල ක්‍රීඩිකාවගේ අකල් මරණය නිසයි. Samia Yusuf Omar නමැති මෙම ක්‍රීඩිකාව නීති විරෝධී සංක්‍රමනයකදී මෙසේ විපතට පත් වූ බව පැවසුනද සෝමාලියානු මලල ක්‍රීඩා සංගමයේ නියෝජ්‍ය සභාපති පවසන්නේ ඇය පදිංචිව සිටි ඉතියෝපියාවේ සිට ලිබියාවටත්, එතැනින් ලන්ඩන් ඔලිම්පික් තරඟ වෙනුවෙන් පුහුණුවීම් සඳහා ඉතාලියටත් යාමට බලාපොරොත්තුවෙන් සිටි බවයි.කෙසේ වුවත් ඇය මිය ගොස් ඇත්තේ ඇය ඉතාලිය බලා ගමන් කරමින් සිටි කුඩා බෝට්ටුව ගිලි යාමෙනුයි. 
මෙම සිදුවීමට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෝමාලියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ඝාතනය ලක් විය. මරණයට පත් Samia Yusuf Omar ආගමික මතධාරීන්ගේ දැඩි විරෝධයට ලක්ව සිටි බවට තොරතුරුද ලැබී තිබේ.ඒ කාන්තාවන් ක්‍රීඩාවලට යොමු වීමට එරෙහිවයි.

මතක ඇතත් නැතත්..


"පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට "මතක නැහැ" කියන එක තමයි දැන් තිබෙන ප්‍රශ්නේ. ඔහු අධිකරනුයට බාර වුනත් මතක නැත්නම් මොකද කරන්නේ කියන එක තමයි ගැටලුව" යයිද කෙසේ වෙතත් ඔහු අධිකරණයට බර වනවා නම් වඩා හොඳ යයිද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ප්‍රකාශ කළාය.
මේ අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා හැකි ඉක්මනින් අධිකරණයට අදිරිපත් කරන බව නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (21 දා) දැනුම් දුන්නේය.

Tuesday, August 21, 2012

දින නියමයක් නැතිව වසා දැමේ


වෛද්‍ය පීඨ හැර අනෙක් සියලුම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කොට ඇති බව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පවසයි.
 
 
 

මාස 5 කට පසු කෞතුකාගාර සොරකමේ වග තුග







මාර්තු 17 වන දින ජාතික කෞතුකාගාරයේ සිදු වූ සොරකමට සම්බන්ධ යයි සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසයි.අත්අඩංගුවට ගන්නා විට පුරාවස්තු හා කෞතුකවස්තු කිහිපයක් ද ඔවුන් සතුව තිබු බව සඳහන්.

Monday, August 20, 2012

ටෝනි ස්කොට් ජීවිත සිනමාවට සමු දෙයි


හොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරයෙක් වන ටෝනි ස්කොට්, ලොස් ඇන්ජලිස් හි පිහිටි වින්සන්ට් තෝමස් පාලමෙන් පැනීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය සිය දිවි නසා ගැනීමක් බවට එරට පොලිසිය සැක පහල කරයි.
TOP GUN , BEVERLY HILLS COP II ටෝනි ස්කොට් අධ්‍යක්ෂණය කළ අදායම් වාර්තා බිඳ හෙලු චිත්‍රපට අතර වේ.

2012 රූ රැජින චීනයෙන්




2012 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ චීනය නියෝජනය කළ යූ වෙන්ක්ෂියා යි. මෙහි දෙවැනි ස්ථානය වේල්සයටත් තුන්වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමි උනා.

කාටුන් - මව්බිමෙන්


Saturday, August 18, 2012

කොරියානු භාෂා විභාගයට අයදුම් කරනවාද ..?


කොරියානු භාෂා විභාගය සඳහා ඉල්ලුම්පත් නිකුත් කිරීම 
අගෝස්තු 20 - 25 දින තුල කොස්වත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරේ. එමෙන්ම දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල වලින්ද එම අයදුම් පත් ලබා ගත හැකිය.

වයිද්‍ය වර්ජනය නිමයි..



ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් පරිපාලන ප්‍රධානි ජෙය්ෂ්ට නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න සමග කළ සාකච්චාවකින් පසු සංකේත වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වයිද්යවරුන්ගේ සංගමයේ සභාපති වයිද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ ක‍ර සිටියේය. වයිද්යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් , ඔවුන්ට තර්ජනය හා මැරකම් කළ සැකකරුවන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන බව මෙහිදී දැනුම් දී තිබේ.

Friday, August 17, 2012

රාමසාන් උත්සවයට බෝනස්



රාමසාන් උත්සවය වෙනුවෙන් ලබන ඉරිදා විදුලි සැපයුම අත්හිටුවන්නේ නැති බව විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Thursday, August 16, 2012

ලං වි ම වර්ජනය අවසන්


බලධාරීන් සමග සිදුකල සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස අද සිට ලංවිම සේවක වෘත්තීය සමිතිය විසින් පසු ගිය දින කිහිපය තුලදී සිදු කරනු ලැබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

"එහෙම දෙයක් උනේ නෑ............" - වික්‍රමබාහු


ටෙසෝ සමුළුවේදී තම දේශනය අතරමග නතර කරන ලෙස නියෝග කළ බව පැවසීම බොරුවක් බව නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊයේ (15 දා) පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය . කරුණානිධි මහතාගේ අසනීප තත්වය නිසා කතාව විනාඩි 10 කට සීමා කරන ලෙස පමණක් මූලාසනයෙන් ඉල්ලා සිටි බවත්, තම දේශනය අවස්ථාවේදී එය නතර කරන ලෙස කිසිවෙකු නියෝග කලේ නම් ඒ පුද්ගලයාගේ මුහුණට පහරදෙන බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

Wednesday, August 15, 2012

ස්වාසිලන්තයේ වාසි


ලොව දිළිඳුතම කෘෂිකාර්මික රටක් වන ස්වාසිලන්තයේ සෑම හතරදෙනෙකුටම එක් අයෙක් ඒඩ්ස් රෝගය නිසා මිය යන බව අනාවරණය වේ. උපතේදී එහි රට වැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 31 ක් බවයි සඳහන් වන්නේ.


ස්වාසිලන්ත රජු හා ඔහුගේ භාර්යාව මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ..

ජපානයෙන් "ෆුකුෂිමා සමනළයින් "



ජපානයේ ෆුකුෂිමා බලාගාරයෙන් සිදු වූ විකිරණ කාන්දුව හේතුවෙන් අමුතු හැඩයේ සමනළයින් බිහි වී ඇති බව ජපානයෙන් වාර්තා වේ. pale grass blue Zizeeria maha නමැති ජපානයේ බහුලම සමනළ වර්ගයේ විශාල සමනළයින් සංඛ්‍යාවක් විශාල පාද සහ ස්පර්ශකද කුඩා පිහාටුද සහිතව බිහි වී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

Tuesday, August 14, 2012

පුවත්පත් දැන්වීම් කලාවේ මහා පෙරළිය...


පුවත් පත් දැන්වීම් කලාවේ දැවැන්ත පියවරක් තබමින් CEYLON TODAY පුවත්පත අද නව දැන්වීම් කලාවක් මුද්‍රණ  මාධ්‍ය
ක්ෂේත්‍රයට හදුන්වා දෙනු ලැබුවා.




"කතා කරන දැන්වීම් " ලෙස නම් කර තිබු මෙම නවතම හඳුන්වා දීම තුලින් හඬ පටයක් මගින් අදාල දැන්වීම පාඨකයාට ශ්‍රවනය කිරීමට හැකි ලෙස සකස් කොට තිබුණා. මීට පෙර තවත් ජාතික පුවත්පතකටද මෙම යෝජනාව ඉදිරිපත්වී තිබුනද , එම යෝජනාව ක්‍රියාවට නැංවීමට ඔවුන් මැලි වූයේ, එම යෝජනාව ඉදිරිපත් කලේ අත්දැකීම් අඩු ,තරුණ නිලධාරිනියක් නිසා බව සඳහන්.
පුවත්පත් දැන්වීම් කලාව කාලයේ තාලයට හැඩ ගස්වමින් නව මං සොයා යන CEYLON NEWSPAPERS (pvt ) LTD වෙත සුභ පැතුම්....!

ඉන්දීය රජය විවේචනයට ගොස් වික්‍රමබාහු අමාරුවේ

 

ද්‍රවිඩ මුන්නේත්‍ර කලාහම් (DMK) පක්ෂ නායක තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා සංවිධානය කල දෙමළ ඊලාම් සහයෝගිතා සමුළුවේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ඊට සහභාගී වූ නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමුළුව අමතමින් සිටියදී වහාම ඔහුගේ කතාව නතර කරන ලෙස සමුළුවේ සංවිධාකයන් කරුණාරත්න මහතාට දැනුම් දී ඇත. ටෙසෝ සමුළුව අමතමින් වික්‍රමබාහු මහතා සිය දේශනය සිදුකරන අතරතුර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරමින් එය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූවක් බවත්, ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග එකට එක්වී දෙමළ ජනතාව පෙලා දැමු බවත් පවසද්දී ඉන්දීය මධ්‍යම රජයේ ඇමතිවරයෙකු වූ ටී.ආර් බාලු මහතා කතාව නවත්වන ලෙස දැනුම් දී තිබේ. සමුළුවේදී ඉන්දීය රජය විවේචනය නොකළ යුතු බව මූලාසනයෙන් පවසා ඇති අතර වික්‍රමබාහු මහතා කතාව නතර කර ආපසු තම අසුන වෙත ගිය බව වාර්තා වේ.

Monday, August 13, 2012

ඔලිම්පික් 2012 නිමා වූ වගයි ...........





ඇමෙරිකා එක්සත් ජනපදයට රන් පදක්කම හිමි කර දෙමින් 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමවා සටහන් කරන ලදී. වඩාත් වර්ණවත් වූයේ ආරම්භක උළෙලද එසේත් නැත්නම් අවසන් කිරීමේ උළෙලදැයි නරඹන්නන්ට සිතා ගැනීමටවත් නොහැකි අයුරින් එම හෝරා කීපය ඉතා විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබුණි.

ඉරාන භුමි කම්පාවෙන් 180 ක් මරුට


වයඹ දිග ඉරානයේ සිදුවූ භූමි කම්පා 2 කින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 1500 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ප්‍රධාන භූ කම්පන දෙකෙන් අනතුරුව මේ වනවිට පසු කම්පන 40 ක් පමණ සිදුවී ඇත.

Saturday, August 11, 2012

"විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ " වන්දනා


ලොවට සාමය පතා ලොව වටා වැඩම කරන "විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ " වන්දනා කර ගැනීමේ දුර්ලභ අවස්ථාව අගෝස්තු 11 - 19 දක්වා BMICH හිදී පෙ.ව.11.00 සිට ප.ව.7.00 දක්වා ලංකේය ජනතාවටද හිමි වේ.

කාටුන් - මව්බිමෙන්


Friday, August 10, 2012

පූසෙක් නිසා දිවි අහිමි වෙයි


අඩි 25ක් පමණ ගැඹුරැති ළිදකට වැටුන බළලෙකු බේරා ගැනීමේ අරමුණින් ළිදට බසින ලද පුද්ගලයෙකු ශ්වසන අපහසුතා හේතුවෙන් ඊයේ මිය ගොස් ඇති බව අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ .එක් පුද්ගලයෙකු ළිදට බැස ඇති අතර ඔහුට ඇතිවූ ශ්වසන අපහසුතාවය හේතුවෙන් එම පුද්ගලයාව ගොඩ ගැනීමට තවත් පුද්ගලයින් 4 දෙනෙකු ළිදට බැස ඇත.ඔවුන්ද එම අබාධයටම ගොදුරු වී ඇති අතර ඉන්පසු මෙම පුද්ගලයන් 5 දෙනාවම ගොඩ ගෙන අලව්ව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් පුද්ගලයකු මරණයට පත් වී ඇත.