Home Alone සහHome Alone 2 Lost in NewYork නිර්මාණ 2 ට සම්බන්ධ වීමත් සමග ඔහු ලොව පුරා ජනප්‍රිය චරිතයක් වුනා. ඒ විතරක් නොවෙයි බොහෝ චිත්‍රපට වලට ආරාධනාත් ලැබුණා. Richie Rich, Uncle Buck, My Girl, The Page Master, Party Monster ඔහු දායකත්වය ලබා දුන් ජනප්‍රිය නිර්මාණ අතරින් කීපයක් . මයිකල් ජැක්සන් ගේ Black or white ගීතයේ වීඩියෝ පටයට සම්බන්ධ වීමට ලැබීම Culkin සලකන්නේ තම ජිවිතයේ ලද සුවිශේෂම අවස්ථාවක් ලෙසයි . ඔහු ගැන කතා බහ වන්නේ Home Alone තිරගත වීමෙන් පසුව වුවත් ඔහු රඟපෑමට අවතීර්ණ වන්නේ එම චිත්‍රපටය හරහා නොවේ.ඔහුගේ පළමු රඟපෑම සිදුවන්නේ වේදිකාව මතයි . 80 දශකය තුල ඔහු චිත්‍රපට කිහිපයකම මෙන්ම The Midnight Hour වැනි නාට්‍ය වලත් රඟපෑවා. සුප්‍රසිද්ධ Home Alone (1990) සහ Home Alone 2: Lost in NewYork (1992) හි kevin McCallister ලෙස රඟපෑමත් සමග ඔහුගේ ජීවන මග බොහෝ ලෙස වෙනස් වනවා.බොහෝ නිර්මාණ හරහා ලොව පුරා සැරිසරන Culkin 2004 දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වනවා.
කෙසේ වුවත් මේ වන විට ඔහුගේ තත්ත්වය මෙම චායාරූප දකින අයෙකුට වටහා ගැනීම අපහසු නෑ.ඔහු අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වී ඇති බවත තමන් විහින් මරණය වෙත ලං වෙමින් සිටින බවත් වෙබ් අඩවි සහ මාධ්‍ය වාර්තා කරනවා.
No comments:
Post a Comment