අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට
අභිමානයක් එක කරමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකික සිසුන් සිව් දෙනෙක් සමත් වෙයි.
රිදී පදක්කම දිනමින් රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන් පතිරණ ද, ලෝකඩ පදක්කම දිනමින් ජෝසෆ් වාස් විද්‍යාලයේ
ප්‍රසාන් තුරුල් වර්ණකුලසුරිය ද , කුසලතා සහතික දිනා ගනිමින් රාජකීය විද්‍යාලයේ ජනිඳු ගුණරත්න සහ කොළඹ විසාඛා විද්‍යාලයේ
මධුශානි දිල්හාරා ද මෙම අභිමානයට එක් කිරීමට සම්මාදම් වුහ.
මෙම ජයග්‍රහණ මෙතෙක් අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියකදී ශ්‍රී ලංකාව ලැබූ ඉහලම ජයග්‍රහණය බව සම්බන්ධිකාරක
මහාචාර්ය හිරාන් අමරසේකර පවසයි.
No comments:
Post a Comment