ඉන්දීය රජය විවේචනයට ගොස් වික්‍රමබාහු අමාරුවේ
ද්‍රවිඩ
මුන්නේත්‍ර කලාහම් (DMK) පක්ෂ නායක තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය
එම්.කරුණානිධි මහතා සංවිධානය කල දෙමළ ඊලාම් සහයෝගිතා සමුළුවේ ප්‍රධාන
ආරාධිතයෙකු ලෙස ඊට සහභාගී වූ නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු
කරුණාරත්න මහතා සමුළුව අමතමින් සිටියදී වහාම ඔහුගේ කතාව නතර කරන ලෙස
සමුළුවේ සංවිධාකයන් කරුණාරත්න මහතාට දැනුම් දී ඇත. ටෙසෝ සමුළුව අමතමින්
වික්‍රමබාහු මහතා සිය දේශනය සිදුකරන අතරතුර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය
විවේචනය කරමින් එය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූවක් බවත්,
ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමග එකට එක්වී දෙමළ ජනතාව පෙලා දැමු බවත්
පවසද්දී ඉන්දීය මධ්‍යම රජයේ ඇමතිවරයෙකු වූ ටී.ආර් බාලු මහතා කතාව නවත්වන
ලෙස දැනුම් දී තිබේ. සමුළුවේදී ඉන්දීය රජය විවේචනය නොකළ යුතු බව
මූලාසනයෙන් පවසා ඇති අතර වික්‍රමබාහු මහතා කතාව නතර කර ආපසු තම අසුන වෙත
ගිය බව වාර්තා වේ.
No comments:
Post a Comment