සෝමාලියානු ඔලිම්පික් බලාපොරොත්තුවක් ඉතා අවාසනාවන්ත ලෙස අහිමිව ගියේ අදාල ක්‍රීඩිකාවගේ අකල් මරණය නිසයි. Samia Yusuf Omar නමැති මෙම ක්‍රීඩිකාව නීති විරෝධී සංක්රමනයකදී මෙසේ විපතට පත් වූ බව පැවසුනද සෝමාලියානු මලල ක්‍රීඩා සංගමයේ නියෝජ්‍ය සභාපති පවසන්නේ ඇය පදිංචිව සිටි ඉතියෝපියාවේ සිට ලිබියාවටත්, එතැනින් ලන්ඩන් ඔලිම්පික් තරඟ වෙනුවෙන් පුහුණුවීම් සඳහා ඉතාලියටත් යාමට බලාපොරොත්තුවෙන් සිටි බවයි.කෙසේ වුවත් ඇය මිය ගොස් ඇත්තේ ඇය ඉතාලිය බලා ගමන් කරමින් සිටි කුඩා බෝට්ටුව ගිලි යාමෙනුයි.
මෙම සිදුවීමට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෝමාලියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ඝාතනය ලක් විය. මරණයට පත් Samia Yusuf Omar ආගමික මතධාරීන්ගේ දැඩි විරෝධයට ලක්ව සිටි බවට තොරතුරුද ලැබී තිබේ.ඒ කාන්තාවන් ක්‍රීඩාවලට යොමු වීමට එරෙහිවයි.
No comments:
Post a Comment